අරගල කාලයේත්, ඊට පෙරත් අප දිගින දිගටම සදහන් කලේ ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවට පීඩා නොකළ යුතු බවයි. ඉන් සිදුවන බරපතල අනතුරට මුහුණ දීමට සිදුවන්නේ රට වැසියන් ලෙස අප සියලුම දෙනාට වන බවද, ආරක්ෂක අංශ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ දරුවන්ට විදේශ රාජ්‍යයන් වලට ඇතුළුවීමට නොහැකිවන ලෙස තහංචි වැටෙනු ඇතිබවද අප වාර්තා කරන ලදී.
ලෝකයට විකුණා ඇති ශ්‍රී ලංකාව යනු දැන් නාමික රටක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට නොහැකි ආරක්ෂක අංශවලින් රටට යහපතක් සිදු නොවන නමුත් විදේශ කාට්යුතු ඇමැති අලි සබ්රි මහතා අද උදැසන පැවති සූම් රැස්වීමකදී සදහන් කරන ලද්දේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය සඳහා බරහිර රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවයි. එම යාන්ත්‍රණය හරහා යුද්ධ විරුවන් ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යාමට උත්සහ කර බව ද ඔහු සදහන් කරන ලදී.
රජයේ අමාත්‍යවරයෙකු වූ ඒ මහතාට සහ රජයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතක් වන්නේ තමන්ගේ ක්‍රමය වූ රට ඇතුලේදී ඒ සියල්ලම කඩා බිද දමා රටේ ජනතාව තමන්ට සිදු වූ අසාධරණය ලෝක ප්‍රජාවට පැවසූ පසුය. රට තුල කඩන්න අවශ්‍ය නීති සියල්ලම කඩා දැමු පසු අලි සබ්රි මහතාට සහ රජයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතක්වීම සිනාවට කරුණකි.
රටේ ජනතාවට එරෙහිව සිදු වූ නීතීන් ක්‍රියාත්මක වුයේ නම් මෙවන් තත්වයක් උදා නොවන අතර අලි සබ්රි සදහන් කලේ යෝජනාව ප්‍රතික්ෂේප කරන බවයි. ඔහු පෙන්වා දුන්නේ, දේශීය යාන්ත්‍රණයක් තුළින් පිළිතුරු ලබා දීමට උත්සහ කළ ද ඔවුන් ඉන් සෑහීමකට පත්වන ආකාරයක් දක්නට නොලැබෙන බව ය.
“ඇතැම් ඩයස්පෝරා සංවිධාන විශේෂයෙන් ම බ්‍රිතාන්‍යයේ සහ කැනඩාවේ සිට ගෙන අපි මොනවා කළ ත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවී වෙන් ම කණ්ඩායමක් හැටියට සංවිධානගත වෙලා ඔවුන්ගේ දේශපාලන හයිය උපයෝගී කර ගෙන අපිට විරුද්ධව නැවත නැවත අලුත් චෝදනා, අලුත් කරනවා ඉදිරිපත් කරමින් සිටින බවද මෙවර සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය හමුවේ ඔවුන් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවද ඔහු සදහන් කල අතර ඔවුන් මෙවර ජිනීවා ගියේ “ රෙදි ඇදගෙනද යන්න ද සැක සහිතය .
ඔහු පෙන්වා දුන්නේ අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එකතුවෙලා ශ්‍රී ලංකාවට විරුද්ධව අලුත් යෝජනා සම්මුතියක් ඉදිරිපත් කර ඇති බව ය.
“අපි ඒකට දැඩි විරුද්ධත්වයක් ප්‍රකාශ කළා. විශේෂයෙන් ම එම යෝජනා සම්මුතියේ 8 වන ඡේදයට අපි සම්පූර්ණයෙන් ම විරුද්ධ වුණා. එයින් අදහස් කරන්නේ, ලංකාවේ අධිකරණ ක්‍රියාවලියෙන් එළියට ගිහිල්ලා, පිටරටවල්වල නඩු දාලා ඒ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ දඬුවම් කිරීම සඳහා. මේ කරන්නේ, අපේ රණවිරුවන්ව මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වෙලා හිටපු අයව ඉලක්ක කරලා ඔවුන්ට කරදර කරන්න.”
එම ක්‍රියාදාමයට එකඟ විය නොහැකි බව සැසිවාරයේදී පැහැදිලිව ම සඳහන් කළ බව අමාත්‍යවරයා එහිදී පැවසීය.
“එකඟ වුණත් අපිට ඒක කරන්න බෑ. උදාහරණයක් විධියට පිටරටවල්වල නඩු අහන එක පිටරට වින්ශ්චකාරවරු ලංකාවට එන එක, ලංකාවේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක්. ඒකට අපි එකඟ වුණත් මම හිතන්නේ නැහැ අපේ අධිකරණය ඒකට ඉඩ දේවි කියලා.” යයි ඒ මහතා කණගාටුවෙන් සදහන් කරන ලදී.














































