අලි හා හූව දැන් යාන්තමට නිවි ගොසින්ය.ඒ ප්රශ්නය ඉදිරියට ගෙන යමින් ලොකු අවුලක් බවට පත්කිරිමට ක්‍රිස්තියානි NGO ක්රියාකාරියකවු පංචාලි නැමැත්තිය පියවර ගත්තාය.ඒ මුවාවෙන් පෙරහර සංස්කෘතියටද පහරදෙන්නට විය.නමුත් එය නියපොත්තෙන් කඩන්න තිබු ප්රශ්නය පොරවෙන් කපන්න වෙනකල් දියවඩන නිලමේවරයා නිහඬව සිටියේය.ඔහු හෝ මිනිස්සු දමන පඬුරුවලින් නඩත්තුවන මාලිගාවේ මාධ්‍ය ඒකකයවත් ඊට නිසි පිළිතුරු දුන්නේ නැත.
දැන් ලකුණු දමාගැනිමට සුදානම්වන අලි වෙනුවෙන් පෙනි සිටිනවා යැයි කියන සමහර සංවිධාන පවා පංචාලි ජංජාල ඉදිරියේ සිටියේ වකුටුවි ගෙනය .ඇයට ඕනා හැටියට නටන්නට දී සැවොම නිහඬව සිටියහ.
මේ අතරේ තායිලන්තයේ NGO පවා මේ කල්ලියට එකතුවි ලංකාවේ සංස්කෘතියට පහර දෙන්නටවිය. ඒ අතරේ තායි රාජා ලංකාවටගෙන ඒමට මුල්වු හිටපු දියවඩන නිලමේවරයා ඉදිරිපත්ව කළ ප්‍රකාශ නිසා බොහෝ බලවේග යම්කිසි මැඬලීමක් සිදුවිය.
අලි ප්රශ්නය දිගට ඇදේද්දි බකං නිලං හිටි අලි හොරු දැන් ලකුණුදමා ගැනිමට තමන් විසින්ම පෝස්ට් හදාගෙන සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය කර ගැනිම අතිශය විහිලුවකි. එය තරම් මෑතයුගයේ දුටු තවත් විහිලුවක් නොමැති බව අපි නොබියවම කියමු
මා නිතරම පෙනි සිටින්නේ සත්‍ය වෙනුවෙන්ය.ඒ නිසා වරද කරන්නේ කවුද යන්න මට අදාළ නැත. දැන් ලකුණු දාගැනිමේ ව්‍යාපාරය ක්‍රියාත්මකකරන වත්මන් මාලිගාවේ බලධාරින් මේ ප්‍රශ්නයේදි කළ කිසිදු දෙයක් නොමැති බව අපේ අතිගරු මහනාහිමිවරුන් පවා හොදින්ම දන්නා කාරණයකි.
මුතු රාජා ගෙනියන වෙලාවේ දළදා මාලිගාවෙන් යම් මැදිහත්විමක් වුණානම් එම සතා ලංකාවේම තබා ගැනිමට හැකිවනු ඇත. නමුත් කිල්ලෝටේ හුනු තිබියදි එසේ කිරිමට බියවිය...
පෝස්ට් හදමින් තමන්ට ස්තුතිකර ගැනිමට මේ උත්සහ කරන්නේ තමන්ගේ ලකුණු කැපී ඇතිබව දන්නා නිසාය.සමහර අයගේ අලි හොරකම් ගැන පංචාලි හෝ වෙනත් අයෙක් සත්‍ය කතාකරන්නේනම් ඒ සත්‍ය වෙනුවෙන් අපද පෙනි සිටින බව සිහිපත් කරමු..
සටහන .
ශාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි..














































