නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලපරිච්ඡේදය තුළ දී උව ද අවසර ලබා දී ඇති අත්‍යවශ්‍ය සේවා සහ අනෙකුත් සේවා කරගෙන යාමට බාධාවක් ඇති නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත.
මේ වන විට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මස 06 වන දා අලුයම 04.00 දක්වා දීර්ඝ කිරීමට අද (27) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර ඇත.















































