මියන්මාරයේ හමුදා අධිකරණයක් බලයෙන් පහකරන ලද නායිකා අවුන් සාන් සුකී වසර 04කට සිරගත කර ඇති බව වාර්තා වේ.
ඇයට විරුද්ධව චෝදනා රාශියක් ගොනු කර ඇති අතර ඉන් එක් චෝදනාවක් වන්නේ අනවසරයෙන් “ ගමන් කථනයක්” තමා සතුව තබා ගැනීමයි.
ඒ අනුව මියන්මාරයේ ආනයන අපනයන නීති උල්ලංඝනය කරමින් , එම උපකරණ කමා සතුව තබාගෙන සිටි බවට ද ඇයට එරෙහිව චෝදනා ගොනුකර ඇත.
අදාළ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් ඇයට වසර 02ක සිර දඬුවම් නියමකර ඇති අතර දඬුවම් ද්විත්වයම එකවර ගෙවීයන අයුරින් මෙසේ නියෝග නිකුත් කර ඇත.















































