ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම භටයන්ද ජාතියට කරන දායකත්වය අතිමහත්ය. විනය සහ යෝග්‍යතාවය සොල්දාදුවන්ගේ ප්‍රධාන ලක්ෂණ වන අතර ඔවුන් හැඩගැස්වීමේදී සරඹ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඉන්දීය හමුදා ජෙනරාල්වරුන් හත් දෙනෙකු පුහුණු කළ ජාතික ආරක්ෂක ඇකඩමියේ හිටපු සරඹ උපදේශක මේජර් ස්වාමි 100 වැනි වියට පා තබද්දී යුද හමුදා නිලධාරීන් ගෞරවනීය ඉරියව්වකින් ඔහුට උපහාරයක් පුද කළහ.
අන්තර්ජාලය තුල සැරිසරන වීඩියෝවේ දැක්වෙන්නේ මේජර් ස්වාමි හමුදා ජීප් රථයකින් බැස යන ආකාරයයි. ඉතා ගෞරවයෙන් හා සැලකිල්ලෙන් ඔහුව රෝද පුටුවක වාඩි කරවාගෙන අනෙකුත් නිලධාරීන්ගේද සහාය ඇතිව එම ස්ථානයට රැගෙන යනු දක්නට ලැබේ. පෙළපාලිය සඳහා සොල්දාදුවන් නැගී සිටිනු දක්නට ලැබෙන අතර මේජර් ස්වාමි ඔවුන්ට මුහුණ දෙන විට, ඔවුන් ඔහුට මහත් ආචාරයක් පිරිනමනු දක්නට ලැබේ. තුවක්කු ආචාර හඬ මධ්‍යයේ ඔහු වේදිකාවේ උස්ව හා ආඩම්බරයෙන් සිටියි. අවසානයේ ඔහු ද ස්ථීරව සිට ආචාර කරයි.
වයස අවුරුදු 100 දී මේජර් ස්වාමි ආචාර කල ආකාරය ඉතාම විශිෂ්ඨ වන අතර ඔහු ඉන්දියානු හමුදා ජෙනරාල්වරුන් 7 දෙනෙකුට උපදෙස් දී තිබේ. ඉන්දීය හමුදාවන්වලින් විශ්‍රාම ගිය විශිෂ්ඨ හමුදා නිලධාරීන් සහ භටයන්ගේ සේවයන් ලබා ගනිමින් එහි අතීත තත්වයන් නොනැසී පවත්වාගෙන යයි. එබැවින් ඉන්දීය හමුදා අතීත චාරිත්‍ර මෙන්ම අතීත විනයන් වර්තමානයට ගැලපෙන ලෙස මනාව පවත්වාගෙන යයි.















































