අස්වැසුම සුබසාධන වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන් වන බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය තුළදීම අස්වැසුම සුබසාධන වැඩසටහනෙහි ඇතැම් පාර්ශවයන්ගේ නම් ඇතුළත් කර නොමැති බැවින් විරෝධය පළ කරමින් දිවයින පුරා පැවැත්වූ විරෝධතාවලට අනුව අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට අද (10) දිනය දක්වා කල් ලබා දුන් බව සදහන්.
ඒ අනුව එම වැඩසටහනට අදාළව අභියාචනා ලක්ෂ 9ක් සහ විරෝධතා 12,000ක් ලැබී ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.













































