අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ බව වාර්තා වේ.
වැඩිහිටි, ආබාධිත, වකුගඩු යන නිර්ණායකයන් සඳහා ඒ ආකාරයෙන්ම ගෙවීම් ක්‍රියාත්මක කිරීමට සහ මතුව ඇති අනෙකුත් ගැටලු වහා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සදහන්.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ලේකම් රංජිත් අශෝක, අස්වැසුම සභාපති බී. විජේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.













































