ශ්‍රී ලාංකේය ප්‍රවීණ සාම්ප්‍රදායක නර්තන ශිල්පිනි ආචාර්ය වජිරා චිත්‍රසේන 2020 වසරේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා ඇත.
මෙම සම්මානය ඉන්දීය රජය විසින් ඇයට පිරිනමා ඇති ඇත්තේ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන ක්ෂේත්‍රය වෙනුවෙනු සිදුකළ අනුපමේය මෙහෙවර ඇගයීම සඳහායි.
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් මෙම පද්ම ශ්‍රී සම්මානය පිරිනැමීම සිදුව ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා සංස්කෘතික සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරමින් මෙම පද්ම ශ්‍රී සම්මානය ආචාර්ය වජිරා චිත්‍රසේන වෙත පිරිනමා ඇත.














































