ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආකාරයේම නව පනතක් සම්මත කිරීමට රජය සූදානම් වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ යැයි පවසමින් ඊට මුවා වී නව මර්දනකාරී පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයිද හෙතෙම පැවසීය.
මෙම නව පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තරම්ම විශ නොනැසූ පනතක් බවත් හෙතෙම කියා සිටියි.
නව පනත යටතේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, වෘත්තීය අරගල ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වා දී ඇති බවත් ඒ අනුව ජනතාව විසින් සිදුකරනු උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ත්‍රස්තක්‍රියා ලෙස හැඳින්වීමට හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.
එම පනත අනුව සිදුවන්නේ තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජනතාව විසින් කරන සටන් ත්‍රස්තවාදය යන චෝදනා යටතේ මර්දනය කිරීම බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.














































