සාමකාමී අරගලය දරුණු ගැටුම් දක්වා වර්ධනය කරමින් තරුණ තරුණියන්ගේ ජීවිත පවා අනතුරට දමමින් අමානුෂික ලෙස ඔවුන්ට පහර දෙමින් විරෝධතාවය විශාල භීෂණයක් බවට පත් වූ අයුරු සම්බන්ධයෙන් අන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් ම හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් හෙළි කරන ලදී.
ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති සමාජ මාධ්‍ය සාකච්ඡාවක් තුළදී ය.
ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට මෙන්ම අනෙක් මැති ඇමතිවරුන්ගේ නිවෙස් වටලා පහර දීම සිදු කරන ලද්දේ කුමන්ත්‍රණකරුවන් පිරිසක් විසිනි.
මෙම අරගලය මුල් කාලයේ දී ඉතා වටිනා නිහඬ,සාමකාමී අරගලයක්ව පැවතිය අතර ඊට සහය දැක්වීම සඳහා මොවුන් ද යොමුව ඇත්තේ එම තරුණයින්ට සහයක්, ශක්තියක් වීමේ අධිෂ්ඨාණයෙනි.
කෙසේ නමුත් ඔහු පෙන්වා දෙන්නේ පසු කාලීනව මෙම අරගලය තුළ විවිධ පාර්ෂවයන් විසින් දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමේ අවශ්‍යතාවය මත විවිධාකාර කැරළි නිර්මාණය කරන ලද බවයි.
මෙහිදී සාමකාමී අරගලය ගොඩනංවා එය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට කටයුතු කළ තරුණ පිරිස් ද නීතියේ රැහැනට හසු වූයේ ඇතැම් දේශපාලන පාර්ශවයන් විසින් දියත් කරන ලද කැරළිවල ප්‍රතිඵලයක් වශයෙන් බවයි ඒ මහතා මෙහිදී සඳහන් කළේ.
කෙසේ නමුත් අරගලය මුල් කාලීනව සාමකාමීව පැවතිය දී ඒ සඳහා ඔවුනගේ ද සහය නොබියව ලබා දුන්නා සේම එය වැරදි මාවතට යොමු වන අවස්ථාවේ දී ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගනු ලැබූ බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
අදාළ සම්පූර්ණ සාකච්ඡාව පහතින්,