ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් මෙරටට ආනයනය කරනු ලබන බිත්තර මිලියන 2 කට ආසන්න පළමු තොගය ලබන සදුදා දින දිවයින වෙතට ගෙන ඒමට නියමිත බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම බිත්තර ආනයනය සදහා පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර මුදල් අමාත්‍යාංශය විසින් බිත්තරයක් සදහා පනවා ඇති රුපියල් 50 ක වෙළද භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වනදා සිට ශ්‍රී ලංකා රාජ්‍ය නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමේදී රුපියලක් දක්වා අඩු කරන බව වාර්තා වේ.මෙම සංශෝදනය මාස තුනක කාලයක් සදහා වලංගු වන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරන ලදී.
 
	    	



























 
		    

















