අද (11) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා ආහාර , ඖෂධ , පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයනික භාණ්ඩ හා සේවාවල මිල ඉදිරියේදී අඩු විය යුතු බවත් ආනයන සීමා ලිහිල් කරන්නේ නම් එය ගැඹුරින් සොයාබලා හරියාකාරව සිදු කළ යුතු බවත් ය.
එමෙන්ම රුපියල ශක්තිමත් වීමත් සමග අපනයනයට මේ වන විට යම් බලපෑමක් එල්ල කළද එය තාවකාලික බවත් අපනයන භාණ්ඩවලට යොදා ගන්නා අමුද්‍රව්‍ය හා යෙදුම්වල මිල අඩු වීම හේතුවෙන් ඉදිරියේදී එම අපනයන භාණ්ඩවලට ඍණාත්මක බලපෑමක් ඇති නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් අදහස් දක්වන ලදී.















































