පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචි කිරීමේදී සහ අලුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු ඉහළ දමා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනයක් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති බව කියයි.
මෙම ගැසට් නිවේදනයට අනුව පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනයක් මුල් වරට ලියාපදිංචි කිරීමේදී අය කෙරුනු මුදල වන රුපියල් 15,000 ක මුදල රුපියල් 50,000 දක්වා ඉහළ දමා ඇති බවත් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 10,000 සිට රුපියල් 25,000 දක්වා ඉහළ දමා ඇති බවත් වාර්තා වේ.