රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට අයත් සේවා අවිය අස්ථානගත වී ඇති බවට එම ආරක්ෂක නිලධාරියා විසින් අද (14) බළන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව අකිල සාලිය එල්ලාවල මහතාගේ බළන්ගොඩ පිහිටි නිවසේ ආරක්ෂක අංශයට අයත් කාමරයක ගිනි අවිය බෑගයක තබා මිට දින කිහිපයකට පෙර ප්‍රභූ ආරක්ෂක නිලධාරියා නිවාඩු ගොස් ඇතැයි එම පැමිණිල්ලේ සදහන් බවට වාර්තා වේ.
නැවත සේවයට පැමිණ ගිනිඅවිය නොමැති බැවින් මේ පිළිබඳව බළන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඒ අනුව බළන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ඇතුළු නිලධාරින් පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවට වාර්තා වේ.
















































