English
සිංහල
23:12 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ආරක්ෂක ලේඛම්ට චෝදනා පත්‍රයක්. වංචා, දූෂණ, අක්‍රමිකතා, නීතිවිරෝදී පාතාල ක්‍රියාකාරකම්. නිල නිවසේ අයිස්

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    • පොතක් ලියා ආරක්ෂක ලේඛම් වීම.
    • ආරක්ෂක ලේඛම්ගේ දීඝවාපියේ ගැහිල්ල.
    • සඳහිරු සෑයෙන් ගසා කයි. තවමත් බුදු සසුනට පූජා කර නෑ.
    • මැතිවරණ සමයේ ණයට ඉන්ධන ගහලා. තවමත් ණය ගෙවලා නෑ.
    • අපචාර කල බවට තිබෙන පැමිනිලි ASP මල්ලි යටගහල.
    • කමල් ගුණරත්නගේ මහරගම ඉදිවන සුවිසල් මන්දිරයට සල්ලි කොහෙන්ද?.
    • හමුදා උසාවියට බලපෑම්.
    • ආරක්ෂක ලේඛම් නිල නිවසේ අයිස්.
    • කමල්ගේ පාතාලය.
    • ජනාධිපති නිහඩ ඇයි.

    රටක ආරක්ෂක ලේඛම්වරයා යනු මහජන ආරක්ෂාවේ ප්‍රධානතම රාජ්‍ය නිලධාරියා වේ. ඔහුගේ අසමත්වීම රටක අවසානය ලිවීමට ප්‍රමාණවත් වන අතර වර්තමාන ආරක්ෂක ලේකම් වන්නේ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නය. ඔහුට යුධ හමුදාධිපති වීමට නොහැකි වූ අතර ගෝඨාභාය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීම වෙනුවෙන් ඔහු පොතක් ලියන ලදී. විශ්‍රාම ගිය දිනට පසු දිනම ඔහු එම පොත එළි දක්වන ලදී. එම පොතම ඔහුට ආරක්ෂක ලේඛම්කම ලබාගැනීමට සුදුසුකමක් විය. ඔහු පොත ලියන ලද්දේ යහපාලන රජය සමයේ වන අතර එවකට ඔහු යුද්ධ හමුදාවේ දෙවෙනියාය. ඉන් පෙන්නුම් කරන්නේ ඔහු යුධ හමුදාවේ දෙවෙනියාව සිටින සමයේ, එවකට පැවති මහජන රජය පෙරලීම සඳහා කුමන්ත්‍රණය කෙරූ බවය. එයට හොදම සාධකය වන්නේ විශ්‍රාම ගිය දිනට පසු දිනම “නන්දිකඩාල්” පොත ප්‍රසිද්ධ කිරීමය. ඉන් ඔප්පු වන්නේ ඔහු එවකට පැවති මහජන රජය බිඳ දැමීම සඳහා තම තනතුරේ සිටියදීම කටයුතු කල බවත් ගෝඨාභය රජය පිහිටුවීම සදහා ඔහු ලංකා දණ්ඩ නීති සංග්‍රහයට එරෙහිව කටයුතු කල බවත්ය. කෙසේ නමුත් ඔහුට තම ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමට නොහැකි විය. ඉන් පෙන්නුම්කරන්නේ ඔහු අදක්ෂ මෙන්ම නීතියට ගරු නොකරන පුද්ගලයෙකු බවය.

    විශේෂ ලියුම්කරුවෙකු අපට ඒවා තිබෙන මෙම ලිපිය අදාළ බොහෝ සාක්ෂි මත පදනම්ව සකසා තිබේ. මේවා සොයා බලා අදාළ කටයුතු විසදීම, නීත්‍යානුකූලව පමණක් කටයුතු කරමින් සත්‍ය මත පදනම්ව කටයුතු කිරීම ආරක්ෂක ලේඛ්මවරයාගේ පරම යුතුකම සහ වගකීම වේ. එසේම ආරක්ෂක ලේඛම්වරයා පිලිබඳව මෙහි සඳහන් වන දේවල් සොයාබැලීම ජනාධිපතිවරයාගේ වගකීම වේ. එසේ නොමැතිව රටේ ආරක්ෂක අංශවල සමහර නිලධාරීන්ගේ වැරදි රට වෙනුවෙන් පෙන්වා දිමේදී තමන්ගේ පහල නිලධාරීන් ලවා තර්ජනාත්මක ලිපි ලියා “ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ආයතනයේ” හිමිකරු බිය වැද්දීමට කටයුතු කර හොට පටලවා ගත්තා සේ නොවිය යුතුය. අපට වාර්තා වන මේ තොරතුරු සඳහන් කරන්නේ ආරක්ෂක ලේඛම්වරයා විසින්ම වනසන ලද යුද්ධ හමුදාවේ ගුණාත්මක භාවය නැවත ගොඩනැගිමට අවශ්‍ය දැක්මක් පිලිබඳව අවධානය යොමු කිරිමටය. පාස්කු ප්‍රහාරය හේතුවෙන් හිටපු ආරක්ෂක ලේඛම්වරයා බන්ධනාගාරගත වූ බව අමතක නොකළ යුතුය. එබැවින් යුද්ධ හමුදාවේ උසස් නිලධාරීන් විසින්ම අපට ඒවා තිබෙන තොරතුරු පහතින් එකින් එක ගෙනහැර දක්වන අතර ඒවා සත්‍ය හෝ අසත්‍ය වේවා සොයා බලා කටයුතු කිරිම වගකිව යුත්තන්ගේ වගකීම වේ. එසේම මේවායෙහි යම් වරදක් තිබේනම් අප ඒවා නිවැරදි කිරිමටද බැදී සිටින බව, මාධ්‍ය පිලිබදව අකුරක්වත් නොදත් ආරක්ෂක ලේඛ්ම්වරයාට මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයාගේද දැනගැනීම පිණිස මෙහි සටහන් කරන්නෙමු.

    මෙතැන් සිට ලිපිය කියවන්න.

    යළි නොදකිමු දිඝවාපිය  

    මේජර් නදිරා විජේසිංහ හට රුපියල් කෝටි ගණනින්  සංසරණය වන දිඝවාපි ගිණුම භාර දෙනු ලැබුවේද ? එසේ දෙනු ලැබුවේ නම් ඇය   ගණකාධිකාරීවරියක් ද? එසේත් නොමැති නම්  කෝටි ගණනක මුදලක වගකීම ඇයට දීමට තරම් ඇය ඔබේ කවුරුන්ද ?

    සිරි ලංකාවේ විධායකය නිකුත් කර ඇති  මූල්‍ය අණපනත් නීතිරීති පීච්චියකට මායිම්  නොකර කෝටි ගණනින් රාජ්‍ය මුදල් සහ දේශීයව  මෙන්ම විදේශීයව දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණයට ලැබෙන පරිත්‍යාග මුදල් රිසිසේ හිතූ පැතූ විදිහට වියදම් කරමින් යටි මඩි ගසා ගැනීමට ඉඩ දීම සබැඳිව පුරවැසියන් ලෙස සාධාරණ සැකයක් අපට ඇත.

    බුදු දහම වෙනුවෙන් මරාගෙන  මැරෙන්නකුසේ ගිරිය කඩාගෙන අඩි පොළොවේ ගසමින් දබරැගිල්ල  දික් කරමින් වචන රචනා කරන ගුණරත්නට දබරැඟිල්ල සමග අනිකුත් ඇඟිලි හතරම  ගසාගත යුත්තේ කොහේදැයි සිතාගැනීමට මෙම ලියවිල්ල ප්‍රමාණවත් වනු ඇත. සමහර විට නුදුරේදීම මූල්‍ය වංචා පිලිබදව සෘජු චෝදනා එල්ලවීමටද මෙම ලිපිය ප්‍රමාණවත් වනු ඇත.

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ කොතෙකුත්  වරලත්  ගණකාධිකාරිවරුන් සිටියද ගිණුම්කරණය පිළිබඳ අබ මල් රේණුවක තරම්වත් දැනුමක් නොමැති මේජර් නදීරා විජේසිංහ දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ ගිණුම බාර නිළධාරිනි ලෙස පත්කළ  එක ගලෙන්  කිරිල්ලිටයි ගිණුමටයි දෙකටම ගසා ඇති බව තතු දත්තෝ ප්‍රකාශ කරති. නොහැක්කක් නොමැත ලෙස යුධ පුහුණුවක් ලබා දුන්නත් තමන් නූගත් විෂයක් කරගෙන යාමෙන් යම් වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා වලින් ගැලවීමට නීතියෙන් ඉඩ හසර තිබේ.

    සෙමෙන්  සෙමෙන් ප්‍රතිසංස්කරණය වන දිඝවාපිය සහ දවසට දෙකට  මහරගම ඉදිවන ගුණරත්නගේ  මාලිගාව මෙන්ම  අවිවාහක මේජර් නොදිරා විජේසිංහගේ  නවතම මෝටර් රථය ඇඩ්රස් නැති තැනටම දෙකටම ගහපු ගැහිල්ල ඔප්පු කර හමාරය. සමහර විට මේ ඉදිකරනා නිවාස මෙන්ම මෝටර් රථයද වෙනත් අයවලුන්ගේ නම් වලට රැගෙන තිබෙනවාද විය හැකිය. අවසානයේ බලය තිබෙන කමල් ගුනරත්නගේ බලය සිදී ගිය දාට මේ අසරණ නිලධාරිනිය ප්‍රශ්න ගොඩකට පැටලෙනු ඇත. ඔවුන්ට ඔවුන්ගේ රැකියාව කරගැනීමට ඉඩ දිය යුත්තේ තමන්ගේ වුවමනාවන් වෙනුවෙන් ඔවුන් අමාරුවේ නොදමාය.

    අටමස්ථානය  කුපිත කළ සඳහිරුසෑයේ ගැහිල්ල.

    සඳහිරු සෑය ගෝඨාභය රාජපක්ෂ විසින්  මීට වසර එකහමාරකට පෙර විවෘත කර සාසනයට පූජා කළ මුත්  අටමස්ථාන භූමියේ ඉදිවූ එම චෛත්‍යය අටමස්ථානයට බාර දුන්නේද ? භාර නොදුන්නේ නම් ආරක්ෂක ලේකම් ලෙස බලය අයුතු ලෙස භාවිතා කරමින් සඟසතු පූජා භූමියක් ඔබ යටතේ  තබාගැනීමට අවසර දුන්නේ කවුරුන් විසින්ද?. සඳහිරු සෑයට දේශීයව සහ විදේශීයව ලැබෙන ආධාර මුදල් ආරක්ෂක  ආරක්ෂක අමාත්‍යාංශයේ ඔබ යටතේ තබා ගන්නේකුමන චක්‍රලේඛයක් අනුවද?

    සඳහිරුසෑයේ සියලු වැඩ නිම කර තිබියදීත් මහා  විහාරයේ භූමිභාගයක ඉදිවුණු මෙම චෛත්‍යය  ශාසනයට පූජා නොකර  ගුණරත්නගේ පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑම අටමස්ථානාධිපති ඇතුළු මහා සංඝරත්නයේ දෝෂදර්ශනයට ලක් වී හමාරය. රණවිරුවන්ගෙන්ම ගොඩ ගිය ගුණරත්න කවදත් රණවිරුවන්ටම කෙලින්න ජාතකවු පජාත තිරිසනෙකි.  රට වෙනුවෙන් දිවිපිදූ  උදාර රණවිරුවන්ට පින් පිණිස ඉදිවූ සඳහිරුසෑයේන් ගහපු සහ ගහන ගැහිලි සාක්ෂි ඇතිවම ඔප්පුවී හමාරය. සිද්ධස්ථානයක් වන සඳහිරු සෑය සාසනයට  පූජා නොකර තමා භාරයේ තබා ගනිමින් ලැජ්ජාවකින් හිරිකිතකින් තොරව දිගින් දිගටම වවාගෙන කන ඔහු එම භූමියේම  බහිරවයෙකු වී උපදින බව  අටමස්ථානයේ නායක ස්වාමීන් වහන්සේලා එළිපිට පවසයි. (ඔබගේ බුද්ධි අංශ යොදා පටිගත කිරිම් ලබාගන්න)

    කමල් ගුණරත්න ළමා අපයෝජන සිදු කලේද?

    මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයෙ WCIB11  96/80   යටතේ සිදුකරන ලද පැමිණිල්ලකට අනුව  බී වාර්තා අංක B3219/18 යටතේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ  ළමා අපයෝජන සම්බන්ධව ආරක්ෂක ලේඛ්ම්වරයාට විරුද්ධව පවරා තිබූ නඩුව කුමක්ද ?

    මූල්‍ය ආයතන  සීසර් ජොබ්  එකට දෙවෙනි නොවන රෝයල්  ඉන්ස්ටටියුට් ජාත්‍යන්තර පාසලේ  පාසැල් ගාස්තු ප්‍රමාද සිසුන්ගෙන් එම ගාස්තු මුදල් නිවෙස් වලට ගොස් සද්දයක් දමා බලහත්කාරයෙන් හෝ එකතු කිරීම ජීවන වෘත්තිය කරගත් මොළේ කළඳක් නැති සද්දන්ත මිනිසා ආරක්ෂක ලේකම් කිරීම  තමන්ට සිදුවූ ලොකුම අත්වැරැද්ද ලෙස  පසුතැවෙන ගෝඨාභය  අදටත් තමා හමුවට පැමිණෙන සියලු දෙනාටම පවසන පොදු කරුණකි.

    කමල් ගුණරත්න විසින් ළමා අපයෝජන සම්බන්ධව  එම ජාත්‍යන්තර පාසලේ දෙමාපියන් විසින් මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයෙ WCIB11  96/80   යටතේ සිදුකරන ලද පැමිණිල්ලකට අනුව  බී වාර්තා අංක B3219/18 යටතේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු  දැක්වීමෙන් අනතුරුව එම පරීක්ෂණ යට ගැසීමට  මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ගුණරත්නගේ සහෝදරයා වන පොලිස් අධිකාරි අමිත් ගුණරත්න සමත් වූ බවද කිය වේ. 

    මහරගම සුවිසල් මන්දිරය

    මහරගම ප්‍රදේශයේ සුවිසල් මන්දිරයක් ඉදි කරනවාද?. එය කමල් ගුනරත්නගේද?. එම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ යුද හමුදා සාමාජිකයන් විසින්ද ?.. මන්දිරය ඉදිකිරීමට අනවසරෙන් කම්කරු සේවයේ යෙදවූ යුද හමුදා ඉංජිනේරු සේවා බලකායේ සෙබලෙකු  වහලෙන් වැටී මියගියේද ?

    ආරක්ෂක ලේකම් වීමට මත්තෙන්  යාමට ඒමටවත් හරිහමන් වාහනයක් නොතිබූ  ගුණරත්න අටවාගත්  මෝටර් රථයක ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය සඳහා  විශ්‍රාමික රණවිරුවන් සංවිධානය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කරක්ගැසූ අතර එම වාහනයට තෙල් ගසා ගැනීමටවත්  වත්කමක්  නොතිබුණු  උන්නැහේ  අනුරාධපුර නගරයේ රෙදි කඩ මුදලාලි කෙනෙකු වන ගලෙන්බිඳුනුවැව පදිංචි තරිඳු නම් ව්‍යාපාරිකයකුගෙන්  ඉන්ධන සඳහා ණයට මුදල් ගෙන මේ වන තෙක්ම එම මුදල් ගෙවීම පැහැරහැර ඇත.

    එවන් අතීතයකට හිමිකම් කියන්නෙකු කෝටි ගණනක මුදල් වැය කරමින් සුවිසල් මන්දිරයක්  මහරගම ප්‍රදේශයේ ඉදි කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් සිදුකළ යුතුය. අපි වෙනුවෙන් අපි, දීඝවාපි, සඳහිරු සෑය  අර මුදල් ආධාර වලට සියුම්ව  විදපු බවක්ආරක්ෂක අමාත්‍යාංශය  තුළින් ඇසෙන කසුකුසු සොයාගැනිමද ඔහුගේ කාර්ය භාරයකි.

    කිසිම අවසරයකින් හිරිකිතකින් තොරව නිලයේ බලය අවභාවිතා කරමින් ඉංජිනේරු සේවා  රෙජිමේන්තුවේ සෙබළුන් වහල් සේවයේ  යොදවමින්  ඔහුන්ගේ ලේ දහඩිය මතින් පමණක් නොව එක් සෙබලකුගේ සැක සහිත මරණයක් මතින් ඉදිවෙන මෙම මන්දිරය පිළිබඳව කෙදිනක හෝ නීතිය ක්‍රියාත්මක විය යුත්තේ  අයුක්තිය  අසාධාරණය  මෙන්ම රාජ්‍ය මැර බලයේ  බිත්තර කට්ටෙන් ගුණරත්නට සුවිසල් මන්දිරය වසා සැඟවිය නොහැකි නිසාය

    මෙම ඉදිකිරීම  අතරතුර මිය ගිය සෙබලා යුධ හමුදා රෝහලට රැගෙන නොගොස් ඉඳුරාම ජාතික රෝහලට රැගෙන යමින් වසන් කල අබිරහස  කුමක්ද ?

    මෙම අහිංසක සෙබලාගෙ යැපෙන්නන් හට කිසිදු වන්දි මුදලක් අද වෙනතුරුත්  නොලැබී  ඔවුන් අන්ත අසරණ භාවයට පත්ව ඇත්තේ මෙම මරණය හමුදා සේවයට අදාල නොවූ මරණයක් වන බැවින් අතර ගුණරත්න නිසි අවසරයකින් තොරව මියගිය සොල්දාදුවා වහල් සේවයේ යොදවා තිබීම ඊට හේතුවයි. ( කෙසේ නමුත් මිය සෙබලාගේ යැපෙන්නන්ට ලැබිය යුතු දීමනා ලැබුනේ නැතිද යන්න ඔහුගේ පවුලෙන් අවශ්‍ය සාක්ෂි ලබාගැනීමට මෙම ලියුම්කරු අපොහොසත් විය)

    පරීක්ෂණ කණපිට ගහන්න හමුදා උසාවියට බලපෑම්

    ඔබ ඇසුරු කරන මේජර් විජේසිංහගේ කීම මත සෙබළුන්ගේ ආහාර සොරකම් කර දින 14ක් චෝදනා ඔප්පුවී සිර අඩස්සියේ සිට පැමිණි දූෂිතයකු නැවත එම තනතුරට පත්කලේද ?. එම දූෂිතට විරුද්ධව ක්‍රියාත්මක වන හමුදා උසාවියට බලපෑම එල්ල කර දූෂිත අණදෙන නිලධාරිවරයා නිදොස් කොට නිදහස් කරන ලෙස ප්‍රකාශ කළේද?

    සෙබළ සෙබළියන්ට මාධ්‍ය තහංචි දමා  පැය 24ක් යාමටත් මත්තෙන් මහජනතාවගේ බදු මුදල්වලින් ඔවුනට ලබාදෙන තුන්වේල එක වේලකට කටට දෙකට ගිල  දමා  දවස් දාහතරක් කූරු ගණන්කර හිරිකිතකින් තොරව  කිරෙන් නාවලා ගෙට ගත්ත මේජර් ප්‍රසන්න වන්නිආරච්චි  හමුදා නීතිය උඩුයටිකුරු කරමින්  නැවතත් අණදෙන නිලධාරි  තනතුරේ හිඳ වූයේ කමල් ගුණරත්න විසින් බවද කිය වේ.

    මෙම දූෂිත  අණදෙන නිලධාරිවරයා මෙන්ම ආහාර මංකොල්ලයට සහ සම්බන්ධවූ මේජර් ජෙනරාල් මෙත්තානන්ද යුධ අධිකරණයකට පමුණුවා හමුදාවෙන් නෙරපා  දැමීමට ක්‍රියා කිරීම වෙනුවට  දූෂිතයන් ගොඩදැමීමට  ගුණරත්නගේ මෙහෙයවීමෙන්  මූලික  පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

    යුද හමුදා සේවා බලකායේ මේජර් ජෙනරාල් වරයකු බ්‍රිගේඩියර්වරු දෙදෙනෙකු සහ කර්නල්වරුන් හතර දෙනෙකුගෙන් සමන්විත දූෂිතයන් ගොඩදැමීමේ  මෙම මණ්ඩලය ඉදිරියේ මේ වන විට වැරදිකරුවන්වී ඇත්තේ  තමාගේම බත් පත මංකොල්ලකෑමට ලක්වුණු  අහිංසක සොල්දාදු උන්නැහැලා වීම හාස්‍යයට කරුණකි.

    නදීරා විජේසිංහ ඉදිරියේ දණින් වැටෙන තුට්ටු දෙකේ ආරක්ෂක ලේකම් මූලික පරීක්ෂණ උසාවියට බලපෑම් කරිමෙන් අණ කර ඇත්තේ සාක්ෂි උඩු යටිකුරු කරමින්  වෙනත් නිලධාරියකු පිට වරද පටවා දූෂිත අණදෙන නිලධාරිවරයා හොරා කන විට අණදෙන නිලධාරී තනතුරට පත්වී සති දෙකක්  පමණක් බවට පුහු තර්කයක් ගොඩනඟා ඔහුව නිදොස් කොට නිදහස් කරන ලෙසටය.

    දූෂිත අණදෙන නිලධාරිවරයා සියලු චෝදනා වලින් නිදහස් කර ගැනීමට ලේකම්ගේ සහය ලබාගත් බවට පම්පෝරි ගසන මේජර්  නදීරා විජේසිංහ ලීක් කරගත් හඬ පටද  නොබෝ දිනයකින් එළි දැකීමට නියමිතය.

    යුධ හමුදා වැටුප් හා ලේඛන අධ්‍යක්ෂ මන්ඩලයේ අධ්‍යක්ෂවරයාට අනුව මෙම ආහාර මංකොල්ල හේතුවෙන්  සෙබල සෙබලියන් විශාල ප්‍රමාණයකට දින කිහිපයක්  කුසගින්නේ සිටීමට සිදුවී ඇති අතර ඒ අතුරින්  උසස් පෙළද සමත්ව සාමාන්‍ය සෙබළුන් ලෙස යුද හමුදාවට බැඳුණු  ද සිල්වා VSDD / හේරත් USD /  දසනායක SGG /  දිනෙක HNP /  හසන්ත RR /  මධුසංඛ KMA / ද සිල්වා KDL / සමරකෝන් SMD /  සමන්මලී KAS / නොදිරා CM /  ඉසුරු කුමාර MP /  ජයසිංහ JPPI /  ඇන්තනී SC /  චරිත් SHAM /  රණතුංග DBB / ප්‍රදීප් KAA  ඇතුළුකොට 100 ක පමණ සෙබල සෙබලියන් පිරිසක් සිටි බව වැඩිදුරටත් සඳහන් කළේය.

    ගුණරත්න ගේ බලපෑමට නතුවූ හමුදා උසාවියේ කැකිල්ලේ නඩු තීන්දුව අනුව නම්  කී නොකී මේ සෙබළ සෙබළියන්ගේ බත් පිඟානෙ බහිරවයා දැමුවා විය හැක. එසේ අප අනුමාන කර පරිප්පුයි බතුයි  පමණක් ඇති බත් පිඟාන ජනාධිපතිතුමාට පේන්න ශෙයා කරන්න කියලා සංවේදීව ජනතාවගෙන් ඉල්ලා සිටී මුත් ජනාධිපතිගෙන් හෝ බලධාරීන් කිසිවෙකුගෙන් කිසි දිනෙක සාධාරණයක් ඉටු නොවන අහිංසක දෙමාපියන්ගේ දූ පුතුන්  වන සෙබළ සෙබළියන්ට වතුර බී බඩ පුරවා ගන්නා ලෙස  කණගාටුවෙන් වුවද ප්‍රකාශ කර සිටියෙමු

    ආරක්ෂක ලේකම් නිල නිවසේ අයිස් 

    නිල  නිවසට ගෙනවිත් ඔබගේ  සහායකයෙකු විසින් අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කළේද?. කළේ නම්  එහි වගකීම ඔබ භාර ගන්නේද ?. නොඑසේ නම් තම නිල නිවසේ ආරක්ෂාව සපයාගත නොහැකි ආරක්ෂක ලේකම්වරයෙක්  ජාතික ආරක්ෂාව සලසන්නේ කෙසේද?

    රටේම මත්ද්‍රව්‍ය එක රැයෙන්  දුරු කිරිමට කටමැත දොඩවන ගුණරත්නගේ බඩියා වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් මධුශංක තමාගේ  රෙද්ද  අස්සෙම අයිස් ගෙනවිත්  ගහන බවට දැනගැනීමට අවුරුදු දෙකක්  ගත උනානං ජාතික ආරක්ෂාව පිළිබඳ කුමන කතාද?

    යුධ හමුදා තූර්ය වාදක අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙදෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ අවස්ථාවේ ඔවුන් දෙදෙනාට විනයානුකූලව ක්‍රියාකරමින් දඩුවම් ලබාදීමට කටයුතු කළ එම අධ්‍යක්ෂ  මන්ඩලයේ අධ්‍යක්ෂ  බ්‍රිගේඩියර්  රොහාන් බෙන්ජමින්  පැය 24ක් යාමටත් මත්තෙන් අසාධාරණ ලෙස ඉවත්කළ  ගුණරත්න තමාගේ බඩියා  තම නිල  නිවසටම අයිස් ගෙන්වා  ගසන පසුබිමක කෝට් බෑයක් දමා  ලේකම්  පුටුව තවදුරටත්  රත් කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැත.

    ගුණරත්නගේ හමුදා පාතාලය  

    ඔබ යටතේ සිටින කර්නල්වරයෙකු ඔබගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට ගිනි අවි සමග වසරකවත් සේවා කාලයක්  පළපුරුද්දක් නොමැති හමුදා සාමාජිකයන් සිවිල් ඇඳුමෙන් මිනිසුන් බහුලව ගැවසෙන බොරැල්ල ප්‍රදේශයේ ස්ථාන ගත කර තිබේද ?. පසුගිය දිනක එවැනි පළපුරුද්දකින් තොර  හමුදාවේ සාමාන්‍ය සෙබළුන්ට දෙදෙනෙකු හට  පිස්තෝල ලබාදී ඔබගේ අවශ්‍යතාවයක් ඉටුකරන ලෙස අණ දුන්නේද?. එම සෙබලුන් හට වෙඩි තැබීමට  නියෝග ලබා දුන්නේ කවුරුද ?. පළපුරුද්දක් නොමැති සාමාන්‍ය සෙබළුන්  දෙදෙනා ගේ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ දෙදරු මවගේ මරණය වගකීමක් ඔබ භාර ගන්නේද?

    අරගල සාමාජිකයන් මර්දනය කිරීමට දේශපාලන පළිගැනීම් සිදු කිරීමට මෙන්ම ගුණරත්නගේ තුට්ටු දෙකේ ආසාවන් සංසිඳවන ගණිකාවන්ගේ අවශ්‍යතාවයන් මත නොයෙකුත් පුද්ගලයන් මට්ටු කිරීමට ජාතික ආරක්ෂාවේ ලේබලය අලවා ත්‍රස්තවාදය වළක්වා ගැනීමේ නමැති බැටලු හම පොරවා අනීතිකව බලය පාවිච්චි කරමින්  බොරැල්ල ප්‍රදේශයේ  ගිනි අවිද සමග  සිවිල් ඇඳුමෙන් වෙස්වලාගත් හමුදා සාමාජිකයන් ස්ථානගත කර ඇත. ගුණරත්නගේ  කොටි වලිගය බැටලු හම අස්සෙන් පෙනුණේ  දෙදරු මවකගේ ම්ලේච්ඡ  ඝාතනයෙන්  පසුවය.

    යුධ හමුදා නීතියට  මෙන්ම හමුදා බුද්ධි අංශ නීතියට අනුව ගිනි අවියක් රැගෙන යන විට නිලධාරියකු එම අවිය සමග අනිවාරයෙන්ම සිටිය යුතුය. හමුදාවේ ජෙනරාල්වරයකු වන ගුණරත්න මේ පිළිබඳව නොදන්නවාද නොවේ. වසරක සේවා කාලයක් සපිරි හයක් හතරක් නොදන්නා සෙබළුන් දෙදෙනකු හට ගිණි අවි ලබා දීම තුලින් සිදු වූ මෙම කෲර ඝාතනයට ගුණරත්න වගකිව යුතුය.  පුරවැසියන් ලෙස අපට ඇසිය යුතු  ප්‍රශ්නයක් නම්  තිවිද හමුදාවේ පොලිසියෙ නැතහොත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් හට ගිනි අවියකින් වෙඩි තබනවා නම් ඒ සඳහා නියෝග දිය යුත්තේ එම  හමුදාවන්හි ප්‍රධානීන් විසින් වන අතර  හමුදා ප්‍රධානීන්ට ඒ සඳහා නියෝග ලැබෙන්නේ ආරක්ෂක ලේකම් මගිනි. එසේනම් සෘජුව  මෙන්ම වක්‍රව මෙම ඝාතයේ වගකීම ගත යුත්තේ ද කමල ගුණරත්නය.

    රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක නිහඩ ඇයි.

    ජාත්‍යන්තර පාසලක  ප්‍රමාද පාසල් ගාස්තු  බලහත්කාරයෙන්  එකතු කරපු දඩබ්බර , හිතුවක්කාර  අයුරින්ම ත්‍රිවිධ  හමුදාපතිවරුන් විශේෂයෙන් යුධ හමුදාපති හට බලපෑම් එල්ල කරමින් දෙනු ලබන ගොන් ආතල් ජනාධිපතිගේ මැදිහත් වීමෙන් හෝ දැන්වත් නතර කළ යුත්තේ දූෂණය තම භූමිකාව කරගත්  මෙවැනි පුද්ගලයෙකුට ත්‍රිවිධ හමුදා  අභිමානයක් නොව තම අභිමානය පමණක් අවශ්‍ය පුද්ගලයෙකු බැවිනි.

    රනිල් වික්‍රමසිංහ සේනාධිනායකයා ලෙස දැන්වත් කල යුත්තේ කඩුව අතට  ගෙන මොහුගේ ලේකම් පට්ටම ගලවා එකී නොකී දූෂණ සියල්ල නවතා දමා  එකිනෙක දූෂණය සැබැදිව  ස්වාධීන පරීක්ෂණ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාශය අල්ලස් හෝ දූෂණ කොමිසම  විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ සිදුකර  නන්දිකඩාල් බොරුවෙන් හෙළුව වසා ගත් ගුණරත්නගේ සැබෑ නිරුවත  සැමට හෙළි කිරීමය.

    නදීරා විජේසිංහට සහ ගුණරත්නට  වස්සානයේ දීඝවාපිය සිහිනය දැකීමට ඉඩ නොහැර දීඝවාපිය යථාර්තයක් කිරීමට කටයුතු කළ යුතු  රනිල් වික්‍රමසිංහ  ආරක්ෂක ලේකම්ගෙන් ත්‍රිවිධ හමුදාවම ගලවා ගැනීමට නොපමාව ක්‍රියා කළ යුතුය.

    වික්‍රමසිංහ ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී  සාගල රත්නායකට කිරිමට දෙයක් ඉතුරු වී නැති තැනට පත්කළේ ගෝඨාභයට පස්ස දොරෙන් පැනලා දුවන තත්ත්වයට පත්කළ මුන්දැම බව  අමතක කළහොත් අසාධාරණයෙන් මිරිකෙන අකීකරු සොල්දාදුවෙකුගේ  ගිණි බටේ පත්තුවීමට වැඩි කලක් ගත නොවනු ඇත.

    (සාක්ෂි මත මෙම ලිපිය සකසා තිබේ. ලියුම්කරුගේ  අනන්න්‍යතාවය අරක්ෂා කල යුතු බැවින් මෙම ලිපියේ යම් වරදක් තිබේ නම් හෝ පිළිතුරක් ලබා දෙන්නේ නම් එයද අප  අකාරයෙන්ම පලකිරීමට කටයුතු කරනු ඇත. එසේම වෙබ් අඩවිය හිමිකරුගේ අවසරය මත පලකරන ලදී)

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version