English
සිංහල
00:42 සඳුදා, ඔක්තෝබර් 27, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ආහාර නැතිව නගරයක් මැද කොටු වූ සතුන් නොහොත් ශ්‍රී ලංකාවේ සත්ව උද්‍යාන.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අයහපත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් සහ බල ලෝභී අදුරදර්ශී පාලක පක්ෂය  සහ ආත්මාර්ථකාමී ඉහල රාජ්‍ය නිලධාරීන් නිසා ශ්‍රී ලංකාවට විය යුතු සියල්ලම සිදුවෙමින් පවතී. මේ වන විට ශ්‍රී ලංකාවේ සත්ව උද්‍යාන වල සිරකරගෙන සිටින සතුන්ටද අහාර ලබා දීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. ඒ පිලිබදව BBC පුවත් සේවය ඉදිරිපත් කර තිබෙන සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.

    උපුටා ගැනීම BBC පුවත්සේවය.

    ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පමණක් නොව සත්වෝද්‍යානවල සිටින සතුන් ද දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටිති. වනාන්තරවල සිටින වන සතුන්ට කෙසේ හෝ ආහාර සොයා ගැනීමට හැකි වුවත් නාගරික පරිසරයක කූඩුවල හෝ කොටු වූ පරිසරයක දිවි ගෙවන සතුන්ට අහාර හිඟ වීම කෙතරම් ඛේදනීය ද?

    මේ හේතුවෙන් දෙහිවල, පින්නවල, පින්නවල අලි අනාථාගාරය, රිදියගම ඇතුලු සත්වෝද්‍යානවල සතුන්ට බාධාවකින් තොරව ආහාර සැපයීම සඳහා මේවන විටත් විවිධ යෝජනා පිළිබඳ බලධාරීන්ගේ අවදානය යොමුවී තිබේ.

    මෙම පසුබිම තුළ ක්‍රමයෙන් සත්වෝද්‍යාන වසා දැමිය යුතු බවටද සත්වවේදීන්ගෙන් අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

    • දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට ලැබෙන ආහාර වේල ප්‍රමාණවත් ද?
    • ශ්‍රී ලංකාවේ අලි ජාවාරම: පැටවුන් පැහැර ගැනීමේ ජාවාරම යළි හිස ඔසවයිද? – පරිසරවේදීහු බිය පළ කරති

    සතුන් රැකබලා ගැනීමට කැපකරු ක්‍රමයක්

    දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යානවල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොමැතිකම මේ වනවිට උග්‍රව ඇති හෙයින් සතුන් පිළිබඳ උනන්දුවක් දක්වන ජනතාවගේ සහයෝගය මත සතුන් රැක බලා ගැනීමේ ආයතනවල කැපකරු ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සත්වෝද්‍යාන දෙපාර්මේන්තු නිලධාරීන්ට වනජීවි දෙපාර්තමේන්තුවේදී නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී උපදෙස් දී තිබෙන බවට පවසයි.

    විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණිම අඩුවීම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් සත්වෝද්‍යානවල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.

    මුල්‍ය හිඟය කොපමණ ද ?

    නඩු භාණ්ඩ වශයෙන් සිටින අලි රැකබලා ගැනීම ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පැවරී ඇති වගකීමකි.

    එම සතුන් රැකබලා ගැනීම සඳහා වසරකට රුපියල් මිලියන 45ක මුදලක් වැය වන බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේ ය.රජයේ අයවැය ලේඛනය මඟින් වෙන් කරන ලද මුදල මේ නිසා අවසන් වී ඇති බවත් නිලධාරීහු පැවසුහ.

    සත්වෝද්‍යානවලට ආහාර සැපයුම සිදුකළ සැපයුම්කරුවන්ට මේ වන විට රුපියල් මිලියන 59ක මුදලක් හිඟ මුදල් වශයෙන් ගෙවීමට සිදුව ඇති අතර මෙම වසරේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමග අඩු තරමින් රුපියල් මිලියන 120ක පමණ මුදලක් අවශ්‍යව තිබෙන බවට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමට වනජීවි අමාත්‍යවරයා තීරණය කර ඇත. පවතින ආර්ථික අර්බුදය මිනිසුන්ට මෙන්ම සතුන්ට ද දැඩි සේ බලපෑම් එල්ල කර ඇති අතර, මෙම සතුන් රැකබලා ගැනීම සඳහා රජය විසින් සියලු පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

    පවතින තත්ත්වය හමුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ අශ්වාරෝහක බලකාය භාරයේ සිටින අශ්වයින්ට ද ආහාර සැපයීමට ගැටළුවක් බවට පත්ව තිබෙන බවට පොලිසිය පවසයි. පොලිසිය සතුව අශ්වයින් 40කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ට ආහාර සැපයීමේ ටෙන්ඩරය වාර්ෂිකව ලබා දෙන අතර, ආහාර සැපයෙන ආකාරය අනුව ගෙවීම් කටයුතු සිදුවන බවට ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවයට පැවසීය.

    පොලීසිය පවසන්නේ විවිධ රටවලින් ගෙන්වන ලද අශ්වයින්ට එම රටවල දී පුරුදු කරන ලද ආහාර හැර වෙනත් දේශීය ආහාර ලබා දීමට නොහැකි බව යි.

    කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ පොලිස් නිල සුනඛයින්ගේ ආහාර සඳහා බාධාවක් එල්ල වී නැති බවට පොලිසිය පවසයි. කුඩා අවධියෙන් පසුව දේශීය ආහාරවලට එම සුනඛයින් හුරුවීම ඊට හේතුව යි.

    විදේශීය සතුන් අභයභුමිවලට!

    සතුන් සිරකරගෙන සිටීම නිවැරදිදැ යි සලකා බැලීමට කාලය පැමිණ ඇතිබව රෙයාර් (RARE) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, සත්වවේදිනී පංචාලි පනාපිටිය පැවසුවා ය.

    “මේ වෙලාවේ අපි පළමුව බලන්න ඕනේ කරණය තමා zoo ඒකට සල්ලි මඳි නම් මහජනතාවගෙන් හරි සල්ලි එකතු කරලා ඒ සත්තුන්ට කන්න දෙන්න ඕනේ. මෙහෙම සත්තු හිරකරගෙන ඉන්න එක හරි ද වැරදි ද කියලා හිතන්න කාලය ඇවිල්ලා තියෙන්නේ.”

    “සල්ලි නැති ප්‍රශ්නය දවසෙන් දෙකෙන් විසදෙන්නේ නැහැ. සමහර විට අවුරුදු ගාණක් යයි ආර්ථික අගාධයෙන් රට ගොඩ එන්න. මිනිස්සුන්ට සල්ලි වියදම් කරලා zoo එකට එන්නත් බැහැ. විදේශිකයෝ දෙහිවල zoo එකට යන්නෙත් නැහැ. රිදියගම යන්නෙත් නැහැ. පින්නවල එන සංචාරක පිරිසත් අඩුවෙලා. මෙච්චර zoo ඇරගෙන ඉන්න ඕනේ නැහැ. ඒක තමා මගේ අදහස,” ඇය ප්‍රකාශ කළා ය.

    “පිටරටවල තියෙනවා අභයභූමි, සතුන්ට නිදහස දෙන්න. ඒවා සත්වෝද්‍යාන නෙමේ, පුණ්‍යආයතනවලින් කරගෙන යන අභයභූමි. ඒවට මේ පිටරටවලින් ගෙනත් තියෙන සතුන්ව දෙන්න උත්සහ කරන්න ඕනේ. පිටරටවලින් ගෙනාපු සත්තු ඉන්නවා නේ ජිරාෆ්, සීබ්‍රා වගේ. තනියම ඉන්න තවත් සත්තු ඉන්නවා වලහා වගේ, පිටරට අභය භූමිවලට යවන්න උත්සහ කරන්න ඕනේ.”

    “ගොඩක් සත්තු සත්වෝද්‍යානයෙන් බෝකරලා. බූරුවෝ 60ක් විතර ඉන්නවා. සිංහයොත් එහෙම යි. පින්නවල කියන්නේ ආනාථාගාරයක්. නමුත් අද ඒක අභිජනන මධ්‍යස්ථානයක් බවට පත්වෙලා. එතනම පැටව් හදනවා. එතන අලි 76 දෙනෙකු ඉන්නවා. එහෙම තියාගෙන සුබසාධනය බලන්න බැහැ. අපිට මෙච්චර zoo ඕනේ නැහැ. කැලේට යවන්න පුළුවන් සත්තු ඉන්නවා නම් හුරුකරලා යවන්න ඕනේ. එහෙම වැඩ සටහනකට යන්න ඕනේ,” පංචාලි පනාපිටිය යෝජනා කළා ය.

    “රිදියගම අපි අලි අභ්‍යභූමියක් හැදුවොත් හොඳයි. අලින්ට නිදහසේ වාසය කරන්න, ඔවුන්ගේ ස්වභාවික චර්යාවන් අනුව වාසය කරන්න. පින්නවල zoo එකයි, දෙහිවල zoo එකයි ක්‍රමයෙන් වහල දාන්න ඕනේ. මේක දවසෙන් දෙකෙන් ගොඩඑන්න පුළුවන් තත්ත්වයක් නොවේ,” ඇය වැඩිදුරටත් පැවසුවා ය.

    “ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න”

    මෙරට ජ්‍යෙෂ්ඨ පරිසර ක්‍රියාකාරිකයෙකු මෙන්ම නීතිඥවරයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන කියා සිටියේ සත්වෝද්‍යාන පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු බවයි.

    “සත්ව උද්‍යානයේ පළමු පරමාර්ථය සංරක්ෂණය, දෙවැනි පරමාර්ථය පර්යේෂණය, තුන් වැනි පරමාර්ථය තියෙන්නේ අධ්‍යාපනය මේ තුන වෙනුවෙන් දෙපාර්තමේන්තුවෙන් එන සමස්ත ආදායම ම හරවලා හරි පවත්වා ගෙන යා යුතුයි.” ඔහු අවධාරණය කළේය.

    ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ, “මතවාදයයි, විද්‍යාත්මක සහ තාක්ෂණික පැත්තයි කියන්නේ දෙකක්. මතවාදයට වැඩිය, මම දිකින්නේ මේකෙන් අපේ රටේ ජනතාවට පර්යේෂණ කරන්න, අධ්‍යාපන කටයුතු කරන්න, වදවෙලා යන සතුන් බෝ කරන්න ලැබෙන මෙහෙය ගැනයි” ඔහු පෙන්වා දෙන්නේ, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලැබෙන අදායම් වලින් නිශ්චිත ප්‍රතිශතයක් අදාළ ආයතනවල දියුණුවට යෙදවීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවයි.

    “සත්තු වත්තේ ආදායම එකතු කරලා, භාණ්ඩාගාරයටනේ යන්නේ. ඒ සල්ලි ආපහු දෙනවා නම් මීට වැඩිය හොඳට සත්තු වත්ත දියුණු කරන්න පුළුවන්. ඒ එන සල්ලි ඇත්තටම මේ ආයතනය දියුණු කරනවාට වඩා රජයේ වියදම්වලට යොදා ගන්නවා නේ. ඒක වනජීවි දෙපාර්තමේන්තුවට, වන සංරක්ෂක දෙපාර්තමේන්තුවට, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කියන දෙපාර්තමේන්තු තුනටම තියෙන ප්‍රශ්නයක්.”

    “සංචාරකයින්ගෙන් ගන්න ආදායම් ඒ ආයතනවල දියුණුවට වඩා රජයේ වියදම් පියව ගන්නනේ පාවිච්චි කරන්නේ. මේකට රජයේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. මේ අදායම් වලින් යම් ප්‍රතිශතයක් ඒ ආයතනවලට වෙන් කරන්න ඕනේ. සුබසාධනය වෙනුවෙන්.” ආචාර්ය ගුණවර්ධන අවධාරණය කළේය.

    ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ “සත්වෝද්‍යානවල සතුන්ගේ සුබ සාදනය සහ ජීවිකාව පවත්වා ගැනීම සඳහා වියදම වැඩියි. අමාත්‍යංශයට ගැටලු තියෙනවා කියලා වගේ මාධ්‍ය නිවේදන නිකුත් කරලා ඇඟ බේර ගන්න බැහැ. අමාත්‍යංශය කෙලින්ම ප්‍රශ්නයට උත්තරය ගන්න ඕනේ. සල්ලි නැති ප්‍රශ්නයක් තියෙනවා නම්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල, පින්නවල සහ රිදියගම සත්වෝද්‍යාන තුනෙන් ලැබෙන සමස්ත ආදායම දෙපාර්තමේන්තුවේ සුබසාධනයට යොමු කරන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ඕනේ අමාත්‍ය මණ්ඩලය.”

    ‘සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතුන් පිළිබඳ විශ්ව විද්‍යාලයක්’

    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) අනෝමා ප්‍රියදර්ශනී බීබීසී සිංහල සමග සඳහන් කළේ, “සත්වෝද්‍යානයක ලොකු කර්තව්‍යක් සිද්ධ වෙනවා. එකක් තමා සත්තු සංරක්ෂණය. වදවීයාමේ තර්ජනයට ලක් වෙච්ච සත්තු , එවගේම ලංකාවට ආවේනික සත්තු රැකබලා ගනිමින් ප්‍රජනනය කරලා, එගොල්ලන්ගේ සංඛ්‍යාව වැඩි කරමින් පවත්වා ගෙන යනවා. ඊට අමතරව දේශීය සත්තු ඉන්නවා, විදේශීය සත්තු ඉන්නවා, දේශීය සත්තු ගත්තාම වදවී යාමේ තර්ජනයට ලක් වෙච්ච සත්තු, අවේනික මාළු, සමනල්ලු, මීමින්නෝ වගේ ගොඩක් සත්තු ඉන්නවා. අපි ඒගොල්ලන්ව බෝකරලා සමහර අවස්ථාවල බාහිර පරිසරයටත් මුදා හැරලා තියෙනවා.”

    ඇය පෙන්වා දුන්නේ “විදේශීය සතුන් ඉන්නවා ලෝකයේ වඳවෙලා ගිහිල්ලා, සමහර සතුන් කැලෑ වලින් වදවෙලා ගිහිල්ලා, සත්වෝද්‍යාන නිසා ඒ වදවීයාම නවත්වලා සත්වෝද්‍යානවල බෝකරලා කැලේට දාපු සත්තු ඉන්නවා. ඒවගේ විදේශීය සතුන් ඉන්නවා දෙහිවල සත්වෝද්‍යානයෙත්, උදාහරණය විදිහට කැළෑ අශ්වයා, ඇරබියන් ඔරෙක්ස්, ඔය වගේ සත්තු ඉන්නවා එක කාලයකට කැළේ වඳවී ගිය සත්තු. අපි ගත්තාම කළු රයිනෝසිරස් ගත්තාම වඳවීයාමේ තර්ජනයට ලක්වෙච්චි ඉතාම දුර්ලභ සතෙක්. ඒ සතාවත් අපි මෙහේ අභිජනනය කරලා තියෙනනවා.”

    “බන්දුල පෙතියා කියලා අපේ මාළුවෙක් ඉන්නවා ඉතාම සුළු පරිසරයකට සීමා වෙච්ච සතෙක්. එයා අනතුරකට ලක්වෙන්න පුලුවන් කුඹුරුවල කෘමිනාශක එක්ක. අපි ඒවාගේ සත්තු ගෙනල්ලා තියාගෙන තියෙනවා සූ එකේ. එකට අපි ඉන්ෂුවරන්ස් පොපියුලේෂන් එකක් කියලා කියනවා.” අධ්‍යක්ෂවරිය පැවසුවාය.

    “හැම සූ ඒකකම ප්‍රධාන කාර්ය තමා අධ්‍යාපනය. අධ්‍යාපනය තුළින් මිනිස්සු මේ සතුන් සංරක්ෂණය සඳහා යොමු කරනවා. අපිට කියන්න පුළුවන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතුන් පිළිබඳ විශ්ව විද්‍යාලයක් කියලා.” ඇය අවධාරණය කළාය.

    “අපි පර්යේෂණ කටයුතු සඳහා අවස්ථාව සලසා දීලා තියෙනවා ළමයිට. විශ්වවිද්‍යාල දරුවන්ට. දායකත්වය ලබා දෙනවා, ඒවගේම විනෝදාශ්වාදය සඳහාත් සතුන් ප්‍රදර්ශනය කරනවා. මෙතන කෙරෙන කාර්යභාරය අතිමහත්. පුදුම වටිනා කමක් තියෙන තැනක්. ගොඩක් අය හිතන්නේ සූ එකක් කියන්නේ සත්තු ප්‍රදර්ශනය කරන තැනක් කියලා. ඒ කෝණයෙන් බලන්නෙ නැතිව අපි ඒකේ වටිනාකමත් එක්ක කතා කලොත් සූ එකක අවශ්‍යතාවය තේරුම් ගන්න පුලුවන්.” ඇය වැඩිදුරටත් පැවසුවාය.

    Tags: SRI LANKA ECONOMIC CRISISපාරිසරිකප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාරිසරික

    කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    පොරවගල කන්දේ ගින්න නිවා දමයි.

    මාර්තු 12, 2024
    පාරිසරික

    පොරවගල කන්දේ ගින්නක් .

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version