English
සිංහල
05:35 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “ඇඟ තිබුණට මොලේ නැති OIC කෙනෙක්” පුවතට ඇඹිලිපිටිය SSP ක්ෂණිකව ක්‍රියාත්මක වෙයි. පළාත් අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා සහිත පැමිණිල්ලක්!

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාත්මක වීම!
    • ඇඟ තිබුණට මොලේ නැති OIC ගේ හැසිරීම!
    • පළාත් අධ්‍යාපන බලධාරීන් පැමිණිලි යට ගැසීම!
    • රාවණා ලංකා පුවත් සේවයට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත්කිරීම!
    • 2002 අංක 12 දරන පනත!, ජනමාධ්‍ය සහ පුරවැසි අයිතිවාසිකම්!
    • හිස් කොළවලට දෙමාපියන්ගෙන් අත්සන් ගැනීම!.
    • විදුහල්පතිගේ චන්ඩින් ආදී ශිෂ්‍ය සංගමයේ ලේඛම්ට මරණීය තර්ජන එල්ලකිරීම!
    • විදුහල්පතිට, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂට සහ සබරගමුව පළාත් අධ්‍යාපන ලේඛම්ට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත්කරමින් පොලිස් පැමිණිල්ලක්!.
    • පාසල බේරාගැනීම වෙනුවෙන් ජාතික සංවිධාන එකමුතුවක්!

    “ඇඟ තිබුණට මොලේ නැති OIC කෙනෙක්” මැයෙන් අප (25) පලකරන ලද පුවතට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට ඇඹිලිපිටිය කොඨිඨාශය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කටයුතු කරන ලදී. ඒ අනුව එදිනම අප වෙත දුරකථනයෙන් අමතා එම පැමිණිල්ල නැවත ඉදිරිපත්කරනා ලෙසත් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් යොමු කරන ලෙස දන්වන ලදී.

    ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සනත් කුමාර මහතාගේ සහ ඇඹිලිපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දයාවංශ මහතාගේ සෘජු මැදිහත්වීම සහ උපදෙස් මත අපගේ පැමිණිල්ල ලිවීම සඳහා පොලිස්  නිලධාරියෙකු ඊයේ (26) අප සිටින ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත යොමුකර තිබුණි.

    මෙම සිදුවීමට හේතුව වුයේ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිගේ වංචා, දුෂණ සහ අක්‍රමිකතා  වලට එරෙහිව පාසලේ ආදී ශිෂ්‍ය සංගමය විසින් පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර තිබීමයි. ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක හෝ සබරගමු පළාත් අධ්‍යාපන ලේඛම් විසින් හෝ එයට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම නිසා පාසල් ප්‍රජාව අතර මේ වන විට ගැටුම් ඇතිව තිබේ. අපට ලැබී තිබෙන තොරතුරුවලට මෙම ගැටුම් ඇතිකරනුයේ විද්‍යාලයේ විදුහල්පති විසිනි.

    ඒ අනුව  (25) විදුහල්පතිට හිතවත් කණ්ඩායමක් විසින් අප ආයතනයට එරෙහිව භාවිතා කිරීම සඳහා හිස් කොලයකට දෙමාපියන්ගෙන් අත්සන් ලබාගෙන තිබේ. එම අත්සන් ලබා ගත්තේ විවිධ බලපෑම් කරමින් බව දෙමාපියන් අපට දැනුම් දුන් බැවින් අප එම අවස්ථාවේම පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) වෙත එය පැමිණිලි කරන ලදී.

    අනතුරුව එම සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා අප ආයතන හිමිකරු සහ විදුහලේ තොරතුරු සොයා වාර්තාකළ අපගේ මාධ්‍යවේදියෙක් සමඟ ඇඹිලිපිටිය පොලිසිය වෙත ගියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටය. මෙහිදී විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා “ ඔයාට විරුද්ධව  පැමිණිල්ලක් තිබෙනවා” යැයි පවසා පැමිණිල්ලක විස්තරයක් පවසා අපගේ පැමිණිල්ල ලියා ගැනීම පසෙක දමා බලපෑමක් වන අයුරින් ප්‍රශ්න කරයි. ඒ අනුව අප ආයතන හිමිකරු සහ අදාල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අතර උණුසුම් සංවාදයක් ඇති වේ.

    කෙසේ නමුත් එම ප්‍රශ්න කිරීම එම අවස්ථාවේ සිදුනොකර, අපගේ පැමිණිල්ල සටහන් කරගත්තේ නම් ගැටළු ඇති නොවේ. සංවාදය උණුසුම් වනවිට “හරි හරි, අපි ඔය වාදය නවත්වමු. මගෙන් වැරදි වචනයක් කියා උනා නම් සමාවෙන්න. අපි ඕක නවත්වමු. මගේ පැමිණිල්ල ලියාගන්නකෝ. ඒ කතාව අපි නවත්වමු” ලෙස අප හිමිකරු ප්‍රකාශ කිරීම වීඩියෝ දර්ශනවල සහ අනෙකුත් පටිගත කිරීම්වල පැහැදිලිවම සටහන්ව තිබේ . අපගේ පැමිණිල්ල ලියා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු ඉදිරියේ වාඩි කිරීමට කටයුතු කිරීම ද සටහන්ව තිබේ. එය ඉතාම නින්ධිත ක්‍රියාවලියකි.

    තුන්වෙනි පොලිස් නිලධාරියා සියලු තොරතුරු විමසා නැවත අදාල ස්ථානාධිපතිවරයා වෙත ගොස් කරුණු ඉදිරිපත් කරන ලදී. එවිට “ එහෙම පැමිණිලිකරන්න බෑනේ” ලෙස ඔහු ප්‍රකාශ කරයි. අනතුරුව “HOI  ගෙන් ගිහින් අහන්න” ලෙස එම පොලිස් නිලධාරියාට නියෝගකරන ලදී. ඔහු අපගේ හිමිකරුද රැගෙන HOI හමුවීමට ගියත් ඔහු ඒ වන විටත් රත්නපුරය දක්වා ගොස් තිබුණි. අප හිමිකරුට එම ස්ථානයේ වාඩි වන ලෙස පවසා ඔහු සමඟ ගිය පොලිස් නිලධාරියා එතනින් ඉවත්ව ගොස් තිබේ. පසුව අප හිමිකරු පොලිස් ස්ථානයෙන් පිටව පැමිණෙන ආකාරයද අපගේ වීඩියෝ දර්ශනවල ඇතුළත්ව තිබේ.

    යම් ආයතනයක් හෝ යම් පුද්ගලයෙක්ගේ නීතිවිරෝදී හැසිරිම්වලදීවත් ඔවුන්ට එරෙහිව දැඩි තීරණ ගැනීම අප මේ වන තෙක්ම කර නැත. අප නිරන්තරයෙන්ම දකින්නේ රැකියාව නොමැති වුවහොත් ඔවුන් ලක්වන දැඩි පීඩාව පිළිබඳවය. ඔහු අපට සිදුකල එම ක්‍රියාව සිදුකලේ අප වෙත පමණක් බැවින් එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත හෝ වෙනත් මාධ්‍ය වෙත නිකුත් නොකිරීමට තරම් අපගේ ආයතන හිමිකරු මානවවාදී විය. නමුත් විදුහල්පතිගේ ක්‍රියාවලිය නිසා දහස් ගනනාවක් දෙමාපියන් පවා අසරණ වේ. දරුවන්ගේ ජිවිත යහපත් කිරීම අපට වටින්නේ ඔවුන් අප රටේ අනාගත පරපුර බැවිනි. එබැවින් දහස් ගනනාවක් වන පාසල් ප්‍රජාව වෙනුවෙන් අප පෙනී සිටින්නේ තව තවත් අපරාධ සිදුවීම වැලැක්වීම වෙනුවෙනි.

    මාධ්‍ය වාර්තාවක් පලකිරිම පිළිබඳව, මාධ්‍යවේදීන්ට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කිරීම 2002 අංක 12 දරන පනත මඟින් ඉවත්කර තිබේ. ලංකා දණ්ඩනීති සංග්‍රහයේ සාපරාධි අපහාස නීතිය ඉවත් කර තිබීම තුළම ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමම නීතිවිරෝධී  වේ. ඒ අනුව මාධ්‍ය වාර්තා මඟින් යම් පුද්ගලයෙකුට එරෙහිව කරන ප්‍රකාශයක් අපරාධයක් නොවේ. එසේම මාධ්‍ය වාර්තා මඟින් අප පෙන්වා දී තිබෙන්නේ මහජන ගැටුම් ඇතිවන ආකාරයත්, එය වළක්වා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බවත් එයට අවශ්‍ය තොරතුරු ලබාදීමත්ය.  ඒ අනුව අප කළ පුවතකට එරෙහිව පැමිණිල්ලක් පොලිසිය වෙත ඉදිරිපත් කිරීම කළ හැකි වුවත් එයට අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීම සඳහා, පැමිණිලි විභාග කිරීම සඳහා අපව කැඳවීමට පොලිසියට බලයක් නොමැත. කෙස් නමුත් අපට එරෙහිව ඇඹිලිපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ. එම පැමිණිල්ලද අසත්‍ය පැමිණිල්ලක් වන අතර එම පැමිණිලිකරුද විදුහල්පතිගේ සමීපතමයෙකු වේ. පසුගිය (25) වැනි දින ඔහු ආදී ශිෂ්‍ය සංගමයේ ලේඛම්වරයාටද මරණීය තර්ජන එල්ලකර තිබේ. ඒ ඔහුගේ නිවසට ගොස්ය. ලේඛම්වරයා විසින් එයද පොලිසියට පැමිණිලිකර තිබේ.

    ඒ අනුව අප ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත පැමිණ අපගෙන් ලබාගත් පැමිණිල්ල තුළ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිට, ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට සහ පළාත් අධ්‍යාපන ලේකම් යන අයවලුන්ට එරෙහිව ලංකා දණ්ඩනීති සංග්‍රහය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා තිබේ. තවද පාසල් ප්‍රජාව සහ ඔවුන්ගේ ජීවිතාරක්ෂාව උදෙසා අප එසේ පැමිණිලිකර තිබේ. මාධ්‍ය ආයතන ක්‍රියාත්මක විය යුත්තේ සමාජ ආරක්ෂණය වෙනුවෙනි. “ සමාජයේ මුර බල්ලා” ලෙස මාධ්‍යවේදියා හඳුන්වන්නේ එබැවිනි.  ඒ අනුව ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිට  අනෙකුත් නිලධාරීන් දෙදෙනාටද එරෙහිව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය තුල නඩු පැවරිය යුතුමය.

    ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 100,101,106,108,109,113 (අ), 120,197,261,288,330,341,372,398,401,408,452,453,459,483 සහ 485 යන වගන්තිවලින් විදුහල්පතිටද, 109, 112,120,162,175,180,198,199,200,214,215,288,330,453 සහ 485 යන වගන්තිවලින් ඇඹිලිපිටිය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට එරෙහිවද නඩු, 109,112,120,162,214,215,සහ 288 යන වගන්තිවලින් සබරගමුව පළාත් අධ්‍යාපන ලේඛම්වරිය හෝ එහි රාජකාරිය පැහැර හැර තිබෙන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන ලෙසද එම පැමිණිල්ල අප විසින් යොමුකර තිබේ. කෙසේ නමුත්  වගන්ති කිහිපයක් සදහා නඩු පැවරිය යුත්තේ පරීක්ෂණවලින් අනාවරණය වන කරුණු මතය. අනෙක් කරුණු වෙනුවෙන් නඩු පැවරීමට අදාළ පැමිණිල්ල ක්‍රියාත්මක නොකිරීමම ප්‍රමාණවත් වේ. කෙසේ නමුත් සබරගමුව පළාත් අධ්‍යාපන ලේඛ්ම්වරිය තම රාජකාරිය ඉතාම හොදින් ඉටුකරන බවට ප්‍රසිද්ධ නමුත් මෙම පැමිණිල්ලට අදාළ කටයුතු ඉටුනොකිරම ගැටළු සහගතව තිබේ. එය වෙනත් පාර්ශවයක් විසින් යට ගසනා ගසනා බවද අප මීට පෙර වාර්තා කරත තිබේ.

    ඒ අනුව අපගේ වගකීම අප ඉටුකර තිබේ. ඒ අනුවත් ක්‍රියාත්මක නොවන්නේ නම් අප ඉදිරි සතියේදී මේ පිලිබදව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සකච්චාවේදී රාජ්‍ය වෙත දැනුම් දීමටත්, ජාතික සංවිධාන කිහිපයක් හරහා මාධ්‍ය සාකච්චාවක් පැවැත්වීමටත් අවශ්‍ය කටයුතු සුදානම් කර තිබේ.  

    ඇඹිලිපිටිය කොඨිඨාශය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ, ඇඹිලිපිටිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සනත් කුමාර සහ ඇඹිලිපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දයාවංශ යන මහත්වරුන්ගේ සෘජු අධික්ෂණය යටතේ අවශ්‍ය පරීක්ෂණ සිදුවේ. කෙසේ නමුත් අපගේ පැමිණිල්ල ලියා නොගැනීම වෙනුවෙන් අපට යුක්තිය ඉටුකරදීම වෙනුවෙන් අපගේ විශේෂ ස්තුතිය ද ඔවුන් වෙනුවෙන් මෙසේ පළකරන්නෙමු.

    කෙසේ නමුත් ඇඹිලිපිටිය පොලිස් ස්ථානය තම රාජකාරියත්, අධ්‍යාපන බලධාරීන් තමන්ගේ රාජකාරියත් ඉටුකරනා තෙක් ශ්‍රී රාවණා ලංකා අපද විමසිල්ලෙන් සිටින්නේ සමස්ත පාසලත්, දරුවන්ගේ අනාගතයත් වෙනුවෙනි!.

    පළමු පුවත සහ ආදී ශිෂ්‍ය සංගමයේ පැමිණිල්ල.

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පරිපාලනයේ ගැටළු . අධ්‍යාපන බලධාරීන් ආදී ශිෂ්‍ය සංගමය වටේ යවයි!
    මුල් පැමිනිල්ලටත් දෙවන පුවතටත් සබරගමු පළාත් අධ්‍යාපන බලදාරීන් ක්‍රියාත්මක නොවීම නිසා අප පලකල දෙවෙනි පුවත
    විදුහල්පතිගේ වැරදි වහගන්න මහජනතාව උද්ඝෝෂණයකට පොළඹවයි!. පළාත් සභාව වැරදි වලට උපකාර කරයි!.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුඛ පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version