ඇමෙරිකානු පෞද්ගලික කොටස් ආයෝජනයේ පුරෝගාමියෙකු වූ තෝමස් ලී 78 වන වියේ පසු වූ බිලියනපතියෙක් බව වාර්තා වේ. දින දෙකකට පමණ පෙර සිය කාර්‍යාලයේ නාන කාමරය තුල තම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති අතර කාර්‍යාල සහායිකාවක විසින් සිරුර දැක ආරක්ෂක නිලධාරින් දැනුවත් කර තිබූ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.















































