ඇමරිකාවේ ජනාකීර්ණම නගරයක් වන නිව්යෝර්ක් නගරය පොළවට ගිලා බසිමින් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය කරගෙන ඇති බව සදහන්.
පර්යේෂකයින් හඳුනාගෙන ඇත්තේ, නගරයේ ඉදිකර ඇති උස් කුළුණු සහ ගොඩනැගිලිවල බර හේතුවෙන් නගරය මෙසේ ගිලා බසිමින් පවතින බවයි.
දත්තවලට අනුව නිව්යෝර්ක් නගරය වසරක කාලයක් තුළ මිලිමීටර් 1ත් 2ත් අතර සැලකිය යුතු අගයකින් ගිලා බසිමින් පවතින බවට වාර්තා වේ.
විද්‍යාඥයින් පවසන්නේ, හරිතාගාර ආචරණය හේතුවෙන් ලොව වටා ග්ලැසියර දියවෙමින්, සාගර ජල මට්ටම ඉහළ යමින් පවතින අතර, එමගින් ද නිව්යෝර්ක් ගිලා බැසීම තීව්‍ර වන බවය.
නිව්යෝර්ක් ආසන්නයේ සාගර ජල මට්ටම 1950 දී පැවති අගයට වඩා සෙන්ටිමිටර් 22කින් ඉහළ යමින් ඇතැයි ද වාර්තාවන් හි සඳහන්.
පවතින අවදානම හමුවේ නිව්යෝර්ක්හි වෙසෙන මිලියන 8.4ක ජනතාවට ජල ගැලීම් වැනි ස්වභාවික ආපදාවන්ට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවනු ඇතැයි ද විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.















































