ඇෆ්ගනිස්තානයේ සියලු රූපලාවන්‍යාගාර ජුලි 27 වනදා වන විට වසා දමන ලෙස තලේබාන් සංවිධානය නියෝග කර ඇති අතර ඒ අනුව එරට සියලු රූපලාවන්‍යාගාර වසා දැමීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
මේ හේතුවෙන් රැකියා 6,000 ක් පමණ අහිමි වන බවත් , ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ නිදහස තවදුරටත් හීන වන බවත් , මෙම රැකියාව මත යැපෙන පවුල් දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙන බවත් සඳහන් වේ .