ඇෆ්ගනිස්ථානය තුළ මේ වන විට හටගෙන ඇති තත්ත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු කර ඇති බව පවසයි.
ඔවුන්ව ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීම හෝ ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට ඔවුන්ගේ මූලික අවධානය යොමු කර ඇත.
විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලාංකිකයින් 86ක් මේ වන විට සිටින බවත් ඉන් 46 දෙනෙකු ආරක්ෂිත ස්ථානවලට ඉවත් කරගෙන ඇති බවත් 20දෙනකු මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවත්ය.
මේ අතර ලාංකිකයන් 20දෙනෙකු එරට තුළ ම රැඳී සිටීමට කැමැත්ත පළ කර ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.
එසේම විදේශ අමාත්‍යාංශයෙන්, ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය සහ පාකිස්ථානය රටවලින් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඇෆ්ගනිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට සහාය දෙන මෙන් ඉල්ලීම් කර ඇත.
එම අදාළ රටවල තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා විසින් මෙම ඉල්ලීම සිදු කළ බව සඳහන්ය.















































