රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් එහි සභාපතිවරයා කාර්යාලය තුළ ග්‍රහණයට නතුකරගෙන ඇති බවට කොළඹ 2, පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙක් වාර්තා කරයි.
සේවකයෝ සභාපතිවරයාගේ කාර්යාලය වටකර ඔහුට පිටව යෑමට නොදී දොරටුව ඉදිරිපිට බිම වාඩි වී සිටින බවට එම සේවකයා ප්‍රකාශ කර තිබේ.
සංස්ථාවේ සේවකයන්ට ජූනි මස වැටුපේ කොටසක් මේ දක්වා නොගෙවීම මෙම තත්ත්වයට ආසන්නතම හේතුව බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.













































