රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ හා උපකරණ අධිකාරියේ සේවකයන් සඳහා වැටුප් , හිඟ වැටුප් සහ සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම සඳහා පෑලියගොඩ පිහිටි ඉඩමක් විකිණීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තීරණය කර ඇත.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන පැවසුවේ රුපියල් බිලියන 10කට ඉඩම විකිණීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් දැනටමත් සකස් කර ඇති බවයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට යාබදව අක්කර 17කට අධික භූමි ප්‍රමාණය පවතින බව ද ඔහු පවසීය .
ජාතික යන්ත්‍රෝපකරණ හා උපකරණ අධිකාරියේ සේවකයන්ට මැයි මාසයේ වැටුප් වශයෙන් ගෙවා තිබුණේ රුපියල් 7000.00 බැගින් වන අතර ඊට විරෝධය පළ කරමින් ඔවුහු විරෝධතාවකද නිරත වූහ.
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ පසුබෑමකට ලක්ව ඇති බවත් ඉන්ජිනේරු සංස්ථාවට සහ ඊට අනුබද්ධ ආයතනවලට ආදායම් අහිමි වී ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.වැටුප් හා දීමනා ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් නොවීම හේතුවෙන් SLSEC බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවත් , මැයි මාසයේ දී වැටුප්වලින් කොටසක් පමණක් ගෙවා ඇති බවත් ඔහු පැවසීය.
විශ්‍රාම යාමට තීරණය කළ සේවකයන් 1100 කට පමණක් රුපියල් මිලියන 2600ක් ගෙවිය යුතු බව ඔහු කියා සිටියේය.
යහපාලන රජයේ සමයේ සිදු වූ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ අධික ලෙස කාර්‍ය මණ්ඩල බඳවා ගැනීම මෙම තත්ත්වයට හේතු වූ බව සභාපති කළුපහන වැඩි දුරටත් කියා තිබේ.
( ලංකා සර )














































