ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙයට අමතරව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියාවල නිරතවූ තවත් විශාල පිරිසකටද ජීවනෝපාය අහිමි වී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා මෙම පිරිසට සහන සැලසීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම් වල යෙදුණු පුද්ගලයන්ට අමතරව එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ටද සිය ජීවිකාව අහිමි වී ඇතැයි ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දී තිබේ.
මේ පිරිස සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු එක්රැස් කිරීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු කාරක සභාව කටයුතු කරගෙන යයි.
මේ අතර මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි දහදාහක් පමණ වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
මෙලෙස මුදල් ලැබී නොමැති පිරිස් අතර මහාපරිමාණ ව්‍යාපෘති කළ කොන්ත්‍රාත්කරුවන් මෙන්ම, ග්‍රාමීය මට්ටමේ සුළු පරිමාණ මාර්ග ව්‍යාපෘති කළ විශාල පිරිසක්ද සිටින බවට එම අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.














































