English
සිංහල
08:08 සෙනසුරාදා, නොවැම්බර් 1, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට එළැඹිය යුතුයි.- සාගල රත්නායක

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සඳහන් කළේය.

    ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ පසුගියදා සිංගප්පූරුවේ දී පැවති 20 වන ෂැංග්‍රිලා සංවාදය අමතා විශේෂ දේශනයක් සිදු කරමිනි.

    ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවක් වන ෂැංග්‍රිලා සංවාදය පසුගිය ජූනි 02 වනදා සිට 04 වනදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්විණි.

    ජූනි 02 වනදා ආරම්භ වූ සමුළුවේ ප්‍රධාන දේශනය ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඉන්දියාව, ඕමානය, ප්‍රංශය, පාකිස්ථානය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක ප්‍රමුඛ පෙළේ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ.

    ස්ථාවර සහ සමතුලිත ආසියා පැසිෆික් කලාපයක් ඇති කිරීම, කලාපීය ගැටලු විසඳීම, ආසියාවේ සමුද්‍රීය ආරක්ෂාවේ විකාශනය, ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද නායකත්වය ඇතුළු විවිධ තීරණාත්මක භූ-දේශපාලනික ගැටළු පිළිබඳව මෙම සමුළුවේ දී අවධානය යොමු කෙරිණි.

    ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවධානය යොමු කරමින් සිය දේශනය සිදු කළ සාගල රත්නායක මහතා ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය ද පැහැදිළි කළේය.

    මහා බලවතුන්ගේ එදිරිවාදිකම් සහ බාහිර ගැටුම් ඉන්දියන් සාගරයෙන් බැහැරව තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ඒ මහතා නාවික ගමනාගමනය සහ ගුවන් ගමන්වල නිදහස ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය පැහැදිළි කළේය.
    මේ අතර සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා ඇතුළු ෂැංග්‍රිලා සංවාදය සඳහා එක්ව සිටි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සාගල රත්නායක මහතා කටයුතු කළේය.

    සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම සහතික කළ සාගල රත්නායක මහතා පසුගිය අභියෝගාත්මක කාලවකවානුවේ දී සිංගප්පුරුව ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව කෘතඥතාව පළ කළේය.

    ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය සහ වරාය සහ සැපයුම් ක්ෂේත්‍රවලට අදාළ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳ එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.
    ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ග්‍රෙග් මොරියාටි මහතා සහ සාගල රත්නායක මහතා අතර පැවති සාකච්ඡාවේදී සමුද්‍රීය ආරක්ෂාව, මිනිස් ජාවාරම් මැඩලීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය.

    පාකිස්ථාන සන්නද්ධ හමුදාවන්හි ඒකාබද්ධ මාණ්ඩලික කමිටුවේ ප්‍රධානී ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා සහ සාගල රත්නායක මහතා අතර හමුවක් ද පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙන්ම කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කර ගැනීම කෙරෙහි එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

    තවද, සාගල රත්නායක මහතා සහ එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් විධානයේ ආඥාපති අද්මිරාල් ජෝන් ඇක්විලිනෝ මහතා අතර පැවති හමුවේ දී ඉන්දීය සාගර කලාපයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය සාගල රත්නායක මහතා විසින් පැහැදිළි කරනු ලැබීය.

    ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ (ICRC) ආසියා සහ පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් සිපොල්ලා මහත්මිය සමඟ පැවති හමුවේ දී කලාපයට අදාළ මානුෂීය ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර එවැනි අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම සාගල රත්නායක මහතා විසින් අවධාරණය කළේය.

    සාගල රත්නායක මහතා සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක වික්‍රම් මිසිරි මහතා අතර හමුවක්ද පැවැත්වණු අතර දෙරටේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේද පිළිබඳව එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණ.
    මේ අතර සාගල රත්නායක මහතා සහ යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකෝ මහතා අතර හමුවක් ද මෙම සමුළුවට සමගාමීව සිදු විය.

    සිංගප්පූරුවේ ආරක්ෂක අමාත්‍ය ආචාර්ය එන්ග් එන්ග් හෙන් (Dr. Ng Eng Hen) විසින් පවත්වන ලද වට මේස සාකච්ඡා දෙකකට ද සාගල රත්නායක මහතා සහභාගී වූ අතර කලාපයේ ප්‍රධාන ආරක්ෂක ගැටළු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කිරීමේ වේදිකාවක් වූ එම අවස්ථාවන්ට ෂැංග්‍රිලා සංවාදයට සහභාගී වූ අමාත්‍යවරුන් සහ නියෝජිතයින් 29දෙනෙකු පමණ එක්ව සිටියහ.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version