ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 900කට අධික විදේශ විනිමය ආධාරයක් ලැබී ඇත.
මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමේ අරමුණින් එම ආධාර ලබා දී ඇති බවට වාර්තා වී ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාව විසින් ආසියානු නිෂ්කාශන බේරුම්කරණ රාමුව යටතේ ඉන්දියාවට ගෙවීමට තිබූ තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට තිබූ කාලසීමාව දීර්ඝ කර දී ඇත.















































