දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අවස්ථාවේ දී ජලාශයකට වැටුණු තම ජංගම දුරකථනය ආපසු ලබා ගැනීම සඳහා ජලාශය හිස් කර දැමීමට කටයුතු කළ තරුණයෙක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වේ.
මොහු ඉන්දියාවේ ආහාර පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අයෙක් වන අතර තම දුරකථනය ලබා ගැනීම සඳහා ඩීසල් පොම්ප දෙකක් භාවිතා කර දින තුනක් පුරා එම ජලාශයේ ජලය ඉවත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වාරි මාර්ග නිලධාරීන්ට ලද පැමිණිල්ලකට අනුව වාරි මාර්ග නිලධාරීන් එම ස්ථානයට පැමිණෙද්දිත් මෙම පුද්ගලයා ජලය ලීටර් ලක්ෂ 21ක් ඉවත් කර තිබෙන අතර එම ඉවත් කර ජල ප්‍රමාණය ඉන්දියාවේ වගා භූමි අක්කර 1,500ක ප්‍රමාණයට ප්‍රමාණවත් බව සදහන්.
එම ජංගම දුරකථනයේ තිබූ අත්‍යාවශ්‍ය දත්ත ලබා ගැනීම සඳහා දුරකථනය සෙවීමට ජලය ඉවත් කළ බවත් , එයට ඉහළ නිලධාරීන්ගේ සහාය ලැබුණු බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
නමුත් මේ වන විට එම පුද්ගලයාගේ වැඩ තහනමකට ලක් කර තිබේ.















































