නවදිල්ලි අගනුවර පශු සම්පත් ඒකකය මගින් ලැබීමට නියමිත වාර්තාවක් ප්‍රමාද වීම නිසා ඉන්දියාවෙන් ගෙන ඒමට නියමිත බිත්තර මිලියන 2 ක නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව වෙළද අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ අනුමැතිය හිමි වූවයින් පසු ආනයනික බිත්තර ගෙන්වීමට සූදානම් බවත් එළඹෙන උත්සව සමය තෙක් අවස්ථා කිහිපයකදී බිත්තර ආනයනය කිරීමට නියමිත බවත් එම බිත්තර රුපියල් 40 ට හෝ ඊට අඩු මිලකට අලෙවි කිරීමට නියමිත බවත් ය.














































