රුපියල් වලින් ද්වීපාර්ශ්වික වෙළදාම් කිරීමට ඉන්දියානු රාජ්‍ය බැංකුව එක්ව ” වොස්ට්‍රෝ ගිණුම් ” විවෘත කිරීම සදහා ශ්‍රී ලංකාවේ බැංකුවලට අවසර හිමි වූ අතර ලංකාව සමග රුපියල්වලින් වෙළදාම් කිරීම සදහා වොස්ට්‍රෝ ගිණුම් 5 ක් විවෘත කිරීමට ඉන්දීය සංචිත බැංකුව අනුමැතිය දුන් බව වාර්තා වේ.
ඇමෙරිකානු ඩොලර් හිග රටවල් වෙළද යාන්ත්‍රණයට ගෙන ඒමට ඉන්දියාව අපේක්ෂා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයනය සදහා පළමු ඩොලර් නොවන ගනුදෙනුව සටහන් කරමින් ඉන්දියාව විසින් මෙරටට ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම අවසන් කළ බව සදහන් කරයි.
එමෙන්ම ජාත්‍යන්තර ගනුදෙනු සදහා ඇමෙරිකානු ඩොලර් සහ අනෙකුත් මුදල් ඒකක වෙනුවට රුපියල් භාවිතා කිරීම සදහා රටවල් ගණනාවකට උනන්දුව ඇති බව වාර්තා කරයි.