ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව අභාවප්‍රාප්ත වී තිබේ.ඇය නමින් හිරාබෙන් මෝදි වේ.
ඇය මෙසේ මියගොස් ඇත්තේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර සිය ට්වීටර් ගිණුමේ පණිවිඩයක් ලබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ “මහිමාන්විත ශතකයක් දෙවියන්ගේ පාමුල රැදුණු” බවයි.
එමෙන්ම ඇය රෝගතුර වූ අවස්ථාවේ ද ලෝක නායකයින් රැසක් ඇයට නිරෝගී සුව ප්‍රාර්ථනා කර පණිවිඩ ද නිකුත් කර තිබුණි.















































