ඉන්දුනීසියාවේ ජනාකීර්ණ නගරක් වන ජකර්තා නගරයේ රාජ්‍ය හා ගෑස් සමාගමක ඉන්ධන ගබඩාවක ගින්නක් හට ගෙන ඇති අතර එම ගින්න ශීඝ්‍රයෙන් වර්ධනය වී ඒ අසළ නිවෙස්වලටද ව්‍යාප්ත වී ඉන් දරුණු පිළිසුම් තුවාල ඇති වූ පුද්ගලයින් 50 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති අතර 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැවති වැසි තත්ත්වය හමුවේ මෙම ඉන්ධන ගබඩාවේ නල මාර්ගයකට අකුණු වැදී ගින්න හට ගෙන ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව කියයි.
මෙම ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවන භටයින් 260 කුගේ සහභාගීත්වයෙන් සහ ගිනි නිවන සේවා රථ 52 යොදා ගත් බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරයි .















































