ශ්‍රී ලාංකිකයන්ගේ දුක්කිතම තත්වය මේ ආරම්භ කර තිබෙන්නේ 1869 න් පසුව බවද, මෙම සති තුනක කාලය අවසන් වීමෙන් පසුව එළැඹෙන කාලය ටිකෙන් ටික යහපත් අතට හැරෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කලේ ඊයේ (29) කොළඹදීය.
එහිදී වැඩි දුරටත් ඒ මහතා ප්‍රකාශ කලේ මීලග පෙට්‍රල් නැව පැමිණීමට ආසන්නම දිනය – ජූලි 22 බවත්, නමුත් ඊට පෙර නවක හෝ දෙකක් ගෙන්වා ගැනීමට උත්සාහ කරන බවයි.
එසේම ඩීසල් ලබා ගැනීමට මුදල් තිබුනත් රුසියා යුක්රේන අර්බුදය නිසා නැව් සොයා ගැනීමේ ගැටලුවක්ද තිබෙන බවත්, නමුත් ඉන්දියාවෙන් මුදල් ලබාගෙන ඉන්ධන නැව් කිහිපයක් ගෙන්වා ගැනීමට සාකච්ඡා කරන බවද සදහන් කරන ලදී. එසේම ලංකාවේ දැනට තිබෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් එකොළොස් දහසක් පෙට්‍රල් මෙට්‍රික් ටොන් හත් දහසක් සහ දැවිතෙල් මෙට්‍රික් ටොන් තිස් දහසක් පමණක් බවද පැහැදිලිවම ප්‍රකාශ කරන ලදී.














































