දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.
එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ,වාණිජ සහ අලෙවි අංශ සමග ඊයේ පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සදහන්.













































