ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉන්ධන මිලදී ගැනීමට ඉන්දීය රජයෙන් ලබා ගැනීමට සැලසුම්.
ඒ පිළිබදව මේ වන විටත් රාජතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා පවත්වන බවයි වාර්තා වන්නේ.
මෙරට තුළ පවත්නා ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමේ අර්බුදයක් පවතියි.
මීට පෙරත් මේ පිළිබඳව රටවල් කිහිපයක් සමග බලශක්ති අමාත්‍යංශය විසින් සාකච්ඡා පවත්වා ඇත.
රජයේ ආරංචි මාර්ග පවසන්නේ අදාළ ණය මුදල ඉන්දියාවෙන් ලබාගැනීමට වන කොන්දේසි පිළිබඳව මේ වන තෙක් කිසිවක් අනාවරණය නොවූ බවයි.