මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉන්ධන මිල කඩිනමින් ඉහළ දමන ලෙසට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත.
මහ බැංකු අධිපතිවරයා විසින් මේ පිළිබඳව ලිඛිතව දැනුවත් කර ඇති අතර අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් භාවිත කළහොත් විදේශ විනිමය නොමැතිව රට තවදුරටත් අර්බුදයකට ලක්වන බවයි.
මෙනිසා පෙට්‍රල් මිල රු.35.00 කින්, ඩීසල් මිල රු.24.00 සහ භූමිතෙල් මිල රු.11.00 ලෙස මිල ඉහළ දමා ඉල්ලුම පාලනය සඳහා කටයුතු කළ යුතු බවට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දී ඇත.
කෙසේ නමුත් මේ වන තෙක් අදාළ ලිපියට මුදල් අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ.