ඉන්ධන මිලෙහි යළි වෙනසක් සිදු කළ යුතු බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දී ඇත.
අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලද්දේ මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ වන විට ලෝක වෙළඳපොළ තුළ තෙල් මිලෙහි විශාල වෙනසක් සිදුවෙමින් පවතින බවත්, එනිසාවෙන් ඉදිරියේදී යම් මට්ටමකින් ඉන්ධන මිල ඉහළ යාහැකි බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත.















































