ශ්‍රී ලංකාවේ ජනතාවට මොකද උනේ. අවුරුදු ගනනාවක් තිස්සේ රට ගැන හිතපු නායකයන් අහිමි වීමේ ප්‍රතිපලය අප මේ වන විටත් විදිමින් සිටි. ඉන්ධන, ගෑස් සමග අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම අනෙකුත් සියලුම ද්‍රව්‍ය අහස උසට මිල ගොසිනි.
මාස කිහිපයක් තිස්සේ දුක් විදින ජනතාව වෙනුවනේ කිසිදු පලදායි ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙරට පාලක පන්තිය තවමත් අසමත් වි තිබේ.
සමහර ඉන්ධන පෝලිම් පවතින්නේ දින කිහිපයක් තිස්සේය. ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන නොහික්මුණු පුද්ගලයන් නිසාද ඉන්ධන පොලිම්ද උණුසුම් වෙයි. ඔවුන් ගුටිබැට හුවමාරු කර ගනිති.
එසේම තවත් පුද්ගලයන් විශාල වසයෙන් ඉන්ධන එකතු කරති. එකතු කරන ඉන්ධන ඔවුන් වැඩි මිලට විකුණති. නමුත් මේ පීඩා විදින මිනිසුන්ගේ උරුමය විනාශ කලේ මෙරට දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය පරිපාලන සේවයේ බහුතරයකි.
කුසට අහරක් නොමැතිව, බීමට වතුරවත් නොමැතිව, අව්වට වේලෙමින්, වැස්සට තෙමෙන අසරණ ශ්‍රී ලාංකිකයන් දස ගනනක් මේ වන විටත් පෝලිම් වල දුක් විදිති.
එදා වේල හොයාගන්න බැරි වූ ජනතාව දැන් කුසගින්නේය. එහෙත් පාලකයන් පාර්ලිමේන්තුවේ සිට තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරති. මෙයයි ශ්‍රී ලංකාවේ සැබෑ තත්වය. මේ තත්වයට අධි වේගී විසදුම් නොලැබුණහොත්, තව වැඩි දිනක යන්නාට් මත්තෙන් තවත් දැවැන්ත විනාශයක් සිදු වනු ඇත. නමුත් පාලකයන් තවමත් සැපට ජීවත් වෙති.














































