පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉදිරි පැය කිහිපය තුල අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට ව්දෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අධිකරණ විනිසුරුවරියකට තර්ජනය කිරීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයකට මොහු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර එහිදී ඇප දිය නොහැකි වරෙන්තු නිකුත් කිරීමට නියමිත බවට වාර්තා කර තිබේ.
කෙසේවෙතත් තමා මෙම චෝදනාවලින් නිදහස් කරන ලෙස පසුගියදා අධිකරණයට පෙත්සමක් ගොනු කලද එම තීන්දුව ලබාදීම අධිකරණය විසින් කල් තැබූ බවට වාර්තා වේ.















































