English
සිංහල
15:44 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඉලක්කයක් නැති රටේ, ටිරාන්ගේ සහ දේශබන්දුගේ මෙහෙයුමේ විපාක! ජනමාධ්‍යයේ හැසිරීම නින්දා සහගතයි!

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වැඩි දියුණු කළ ප්‍රතිපත්ති සහ පුහුණුව තුළින් පමණක් සැබෑ පොලිස් ප්‍රතිසංස්කරණ සේම සමාජ සංවර්ධනයක් ඇති වන්නේ නැත. පොලිසිය ඔවුන් සේවය කරන රටේ වැසියන් ආරක්ෂා කිරීමට, ඔවුන්ගේ කැපවීම් ඉටු කරන බවටත්, විනිවිදභාවය, නියැලීම සහ වගවීම තුළින් පොලිසිය විශ්වාසය සහ නීත්‍යානුකූලභාවය ගොඩනඟන බවටත් රටට සහතික විය යුතුය.

    පොලිසිය අපේ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කරන කාර්යභාරයක් ඉටු කළ යුතුයි. ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා නිලධාරීන් ක්‍රියා කරන බව මහජනතාව දැනුවත් කිරීම සහ මහජනතාවට සහතික කිරීම සඳහා, දෙපාර්තමේන්තු ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ ලබා දිය යුතු අතර, අදාළ නීති සහ ගිවිසුම්වලට අනුකූලව, නීතිය බලාත්මක කිරීමේ දත්ත සහ නිලධාරීන්ගේ විෂමාචාර පිළිබඳ සොයාගැනීම් සඳහා ප්‍රවේශය ලබා දිය යුතුය.

    රටක යහපැවැත්ම වෙනුවෙන් සමාජ, ආරථික, දේශපාලන,  පාරිසරික සහ ආගමික යන සියලු අංගයන් එක හා සමානව ක්‍රියාත්මක විය යුතුය. එපමණක්ද නොව ඒ හා සම්බන්ධව  සජීවි සහ අජීවී සියලු කොටස් මානව හිතවාදී ලෙස සංවර්ධනය විය යුතුය.

    එසේ වුවත් ඉහතින් සඳහන් කල සියලුම කොටස් බිඳ වැටුනු සහ දවසින් දවස බිඳ වැටෙමින් තිබෙන ශ්‍රී ලංකා පොලිසියේ බොහෝ නිලධාරීන්  කාලාන්තරයක් තිස්සේ මහජනතාවට එරෙහිව කටයුතු කරමින් සිටී. පොලිස් නිලධාරින්ට ද එසේ වුයේ ලංකාව නිවැරදි දිසාවකට ගමන් කිරීමට අවශ්‍ය දර්ශනයන් නීතිගත නොකිරීම නිසාය.  මේ වන විට එය වැඩිකරමින් ‘යුක්තියේ මෙහෙයුම’ නමින් මෙහෙයුමක් ක්‍රියාත්මක වේ. එය හොඳ නමුත් බොහෝ රූප රාමු වලින් අප දකින්නේ එය මාධ්‍ය සංදර්ශනයක් බවත්, රටේ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය ප්‍රධානීන්ද බෙල්ලට තොන්ඩුව දා ගැනීමටත්, මාධ්‍යවේදීන්ටත් එරෙහිව නීති තද කර කරගැනීමටත් අවශ්‍ය කටයුතු සිදුකරගනිමින් සිටින බවයි. එම මෙහෙයුමෙන් දැවැන්ත අපාරධකරුවන් කොටසක් සමාජයට දායාද කරමින් සිටී.

    අප සතුව තිබෙන රූප රාමු දෙස අවධානය යොමු කරන විට ශ්‍රී ලංකා පොලිසිය අමු අමුවේම මිනිසුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙනේ. එසේම නිවාස සහ දේපල පරීක්ෂා කිරීමට නීතිමය වශයෙන් අවශ්‍ය අධිකරණයන්හි අවසර  ගැනීම් නොහොත් අධිකරණ නියෝග ලබාගෙන නොමැති බවද පෙනී යයි. මෙම මෙහෙයුම ප්‍රසිද්ධ කරමින් සිදුකරන බැවින් ඉන් සිදුවන්නේ සැබෑ අපරාධකරුවන් පලා යාමත්, ඔවුන් සතුව තිබෙන මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධමය උපකරණ සැඟවීමයි.

    එසේම යමෙක් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේම ඔවුන්ගේ නම්, ගම් ඇතුළු සියලුම විස්තර සමාජගත කරමින් අධිකරණය මගින් තීන්දුවක් ලබා දීමට පෙර ඔවුන් අපරාධකරුවන් බවට ප්‍රධාන මාධ්‍ය මගින් තහවුරු කරමින් පුවත් පළකිරීමද මෙම මෙහෙයුමේදී සිදුවේ. එසේම සමහර පොලිස් නිලධාරීන් මිනිසුන්ට කථාබස් කරන ආකාරයද ම්ලේච්ඡ බව සමහර රූප රාමු වලදී දක්නට ඇත. කැමරා ඉදිරියේ එසේ නම් අනෙක් අවස්ථා වලදී ඔවුන්ගේ හැසිරීම කෙසේද යන්න අමුතුවෙන් සිතිය යුතු නැත.

    එසේම මත්ද්‍රව්‍ය බහුලව තිබෙන්නේ සහ භාවිතා වන්නේ රාත්‍රී සමාජ ශාලාවලය. මත්ද්‍රව්‍ය බහුලව භාවිතාවන බවට සමාජය දන්නා සහ හදුනාගෙන තිබෙන එවැනි ස්ථාන කිසිවක් පරීක්ෂා කල බවක් දක්නට නොමැති අතර පීඩිත සමාජ පංතිය පරීක්ෂාකරන බවද බහුලව දක්නට ඇත. එසේම යම් ප්‍රතිවිරුද්ධ දේශපාලන දඩයමක්ද සිදුවන බව දක්නට තිබේ. මේ සියලු සිද්ධීන්වල සත්‍ය හෝ අසත්‍ය තෝරාගැනීමට නොහැකි ලෙස සමාජ විකෘත්තිමය තත්වයකට ඇද දමන මෙහෙයුමක් බවට මෙම යුක්තියේ මෙහෙයුම නම් මාධ්‍ය සංදර්ශනය පත්ව තිබේ.

    ඉන් සමාජ විකෘත්තීන් ගණනාවක්ම සිදු වේ. ඉන් ඉහලින්ම තිබෙන්නේ මත්ද්‍රව්‍ය ලග නොමැති පුද්ගලයන් ද අත්අඩංගුවට පත්වීමයි. එසේම විවිධ අපරාධකරුවන් බවට සැකකරන පුද්ගලයන්ගේ සමීපතමයන්ද හඹා යාමක් මෙහිදී දක්නට ලැබේ. එහිදී ඔවුන් හා සම්බන්ද සමස්ත නිවැරදි සමාජයම පොලිසියට ට වෛර කරති. එය ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පවතින අතර ඔවුන් සමාජයේ ඉහල තල වලට ගිය විටත් ඔවුන්ට හසුවන ඕනෑම පොලිස් නිලධාරියෙකුගෙන් පළිගැනීම සිදු වේ. එය එක් උදාහරණයක් පමණි.

    ඉන් අනතුරුව අප අවධානය යොමුකල යුත්තේ මෙසේ අත්අඩංගුවට පත්ව සිටින දහස් ගණනක් වන පුද්ගලයන් සියල්ලොම වැරදිකරුවන්ද, ඔවුන්ට නීති සහාය ලබා ගැනීමට හැකිද, ඔවුන්ගෙන් යැපෙන්නෝ සිටීද, යැපෙන්නන් ජීවත් වන්නේ කෙසේද? ඔවුන්ගේ අනාගත ඉරණම කෙසේ විසඳේවිද, ඔවුන්ගෙන් සමාජයට සිදුවන හානිය ආදී දෙස ඉතා ගැඹුරින් විමර්ශනය කිරීමය. එය විමර්ශණය කිරීමට ශ්‍රී ලංකා පොලිසියට, හමුදාවට හැකියාවක් නැත. එයට හැකියාව තිබෙන්නේ සමාජ විද්‍යාඥයන්ට පමණි. යමක් කිරිමට පෙර සැලසුමක් තිබිය යුතුය. නමුත් මෙම මෙහෙයුමේ සැලසුම වුයේ මිනිසුන් අත් අඩංගුවට ගැනීම පමණි. ඉන් එහාට ඔවුන්ගේ බිඳවැටීම් පිළිබඳව, සමාජීය ප්‍රශ්න පිළිබඳව කිසිදු සැලැස්මක් නොතිබුණි.

    යුක්තියේ මෙහෙයුමෙන් හෝ අපරාධ අඩුවන්නේ නම්, ඉන් සමාජයට නැවුම් එළියක් ලැබෙන්නේ නම් ඉතා හොඳය. නමුත් යුක්තියේ මෙහෙයුමේ ඉලක්කය සමාජ විද්‍යාත්මකවත්, නීති විද්‍යාවට අනුවත්, ආර්ථික විද්‍යාවට අනුවත් අංග සම්පුර්ණ මෙහෙයුමක් නොවන අතර අනාගතයේදී අපරාධකරුවන් වැඩිවන අතර පොලිස් නිලධාරීන්ටද නඩු හඹවලට පැටලීමට සිදු වේ. ඉන් පොලිස් සමාජය මෙන්ම සාමාන්‍ය සිවිල් සමාජයේද කායික, මානසික සංවර්ධනයෙන් සම්පුර්ණයෙන්ම බිඳ වැටේ. මේ වන විටත් සාමාන්‍ය සිවිල් සමාජයට සිදුකරන බලහත්කාරය නිසා තව මාස කිහිපයකින් අපරාධකරුවන්ගෙන් ගහන රටක් බිහි වේ.

    එසේම සමාජයට දැවැන්ත මෙහෙවරක් කිරීමට ලබා දී තිබෙන මාධ්‍ය නිදහසද මෙහිදී අවභාවිතා කරන බවද පෙනෙන්නට තිබේ. මෙම මෙහෙයුම තුලින් සමාජය බලාපොරොත්තු වන සැබෑ බලාපොරොත්තුව ඉටු නොවන අතර සමාජීය ප්‍රශ්න වැඩි වේ. එය ත්‍රස්තවාදී මෙහෙයුමක් නොව සාමාන්‍ය සිවිල් සමාජ සෝදන මෙහෙයුමකි. ඉන් විය යුත්තේ සැබෑ අපරාධකරුවන් පමණක් අත් අඩංගුවට ගැනීම පමණි.

    කාලයකදී අයිස් සොයා මෙහෙයුමක් දියත්කලේ පාසල් ඉලක්ක කරගෙනය. ඉන් පාසල් දරුවන් අයිස් සෙවිමට පුරුදු වී තිබේ. එම දින කිහිපයක දුෂිත මෙහෙයුමේ ප්‍රතිපල තව අවුරුදු කිහිපයකින් අපට ලබාගත හැකිය. එහි ප්‍රතිපලය ඊ ලඟ තරුණ පරපුරෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් විවිධ තහනම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබීම සහ රාජ්‍යයේ සාමකාමී පැවැත්ම අහිමි වීමයි. මෙම මෙහෙයුමෙන්ද සිදුවන්නේ තවත් අපරාධකරුවන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් රටට දායාද කිරීමයි. අනාගතයේදී ඔවුන් සියල්ලෝම පොලිසියට, නීතිවේදීන් ට මෙනිම සමස්ථ සමාජයටම වෛරී සහගත සහ සමාජය භීතියට පත්කරන්නන් බවට පත්වනු ඇත.

    තවත් අවස්ථාවක අරගලයද මෙම මෙහෙයුමට ඈදා ගෙන දේශපාලනමය අර්ථයක්ද එකතුකිරීමට උත්සාහ කරන බවද දක්නට තිබේ. ඒවා සියල්ල පුහුදුන් ප්‍රකාශ බව බුද්ධිමත් ජනතාව හඳුනාගන්නා අතර ඒවා දුර්වල දේශපාලන සටන් පාඨ වේ. මෙම අපරාධ නැවැත්වීමට කල යුතු දේවල් පිළිබදව ද සමහර මාධ්‍ය පෙන්වා දුන්නේ අවුරුදු ගණනාවකට පෙරය. එම වැඩසටහන්වලදී  කල යුතු දේවල් මැනවින් පෙන්වා දී තිබේ.

    එසේම මෙම යුක්තියේ මෙහෙයුමේ යෙදෙන පොලිස් නිලධාරින් පමණක් නොව, ටිරාන් අලස් පොලිස් අමතිවරයාත්, දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයාත් ඔවුන්ට එරෙහි පුද්ගලයන්ගෙන් පලිගැනීම වෙනුවෙන් ද මෙම යුක්තියේ මෙහෙයුම යොදා ගන්න බවටද චෝදනා එල්ලව තිබේ. එය භයානක වන්නේ, ඉන් විනාශ වන්නේ මහජන බලාධිකාරියක් වන මහජනතාවගේ පොලිසීයයි. එය භයානක අනාගත නිර්මාණයකි.

    පොලිස් පාතාලයට පොලිසියෙන්ම වෙඩි. කොස්තාපල්වරයෙක් මිය යයි. පොලිසිය හෙල්ලෙයි.

    එසේම කුඩු, මත්ද්‍රවය, පාතාලය සදහටම නිමා කල හැකි නම් හොදය. මෙම මෙහෙයුමෙන් එසේ සිදු නොවේ. මෙයින් සිදුවන්නේ අනාගතයට අපරාධකරුවන් එකතු කිරීමයි. ඒ වෙනුවෙන් පුරුදු පුහුණු කිරීමයි. නිවැරදි මිනිසුන් බන්ධනාගාරයට යාම යනු ඔවුන් සමාජයට වෛරී කොටසක් බවට පත් වීමයි.

    කෙසේ නමුත් මේ වන විට සමාජය තුල සීග්‍රයෙන් මත්ද්‍රවය වල අඩු වීමක් දක්නට තිබේ. එය වඩාත් හොද ප්‍රවණතාවයකි. නමුත් එය සදහටම අපරාධවලට තිත තැබීමේ සලකුණක් බවට පත් නොවේ. යුක්තියේ මෙහෙයුමෙන් අත් අඩංගුවට පත් වුවන් මුහුණ දෙන සමාජීය ගැටළු හමුවේ සිටියාටත් වඩා අපරාධකරුවන් සමාජයට නිර්මාණය වේ. අප ඉහතින්ම සටහන් කර තිබෙන ප්‍රශ්නාවලිය සහ තවත් ප්‍රශ්නාවලියකට පිළිතුරු සොයාගෙන, ඒවාට විසදුම් සහිතව මෙම යුක්තියේ මෙහෙයුම සිදුකරමින්, රටට කුඩු ගෙන්වන ප්‍රධානින් පවා අත් අඩංගුවට ගත්තේ නම් මෙම මෙහෙයුම ඇති සාර්ථක මෙහෙයුමකි.

    නෙත් එෆ්. එම් බැලුම්ගල, ජය ටීවී මෙන්ම ලංකාදීප පුවත්පතද අවස්ථාව ගණනාවකදී අපරාද නිවාරණය පිළිබදව පෙන්වා දී තිබේ. කෙසේ නමුත් සියල්ල නීතියට, සමාජ විද්‍යාවට අනුව සිදුකලේ නම්, මාධ්‍ය ද ජඩ ලෙස නොව ආචාර ධර්ම ආරක්ෂා කරමින් සිදුකලේ නම් ” යුක්තියේ මෙහෙයුම” සමාජයේ නව ඉලක්කයක් ඇති කරන සාර්ථක මෙහෙයුමක් වනු ඇත. නමුත් සැලසුමක් නැති මෙම මෙහෙයුම තවත් විසදිය නොහැකි ගැඹුරු ප්‍රශ්න ගනණාවක ආරම්භයක් ඇතිවන බව පහත වැඩසටහන් ඇසීමේදී සහ නැරඹීමේදී වටහා ගත හැකිය.

    මුහුණු පොතේ සාකච්චාවක්

    https://fb.watch/pl_GIkGX02/

    2021 07 16

    2022-08-20

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version