පොලිස් විශේෂ කාර්‍ය බලකා මූලස්ථානයේ ස්ථපිත කර තිබෙන විශේෂ වැටලීම් ඒකකයට නාවික හමුදා බුද්ධි අංශය මගින් ලද තොරතුරකට අනුව උණ්ඩියල් ක්‍රමය යටතේ හෙරෝයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව වාර්තා වේ .
මොවුන් දෙදෙනා දීර්ඝ කාලයක් පුරාවට හෙරෝයින් ජාවාරමේ නිරත වූ දෙදෙනෙක් වන අතර ඉන් උපයන ලද රුපියල් කෝටියකට ආසන්න මුදලක් සහ මුදල් ගණන් කිරිමේ යන්ත්‍රයක් පොලිස් විශේෂ කාර්‍ය බලකා භාරයට ගත් බව සදහන්.
 
	    	



























 
		    

















