උතුරු කොරියාව තමන් න්‍යෂ්ටික බලය සහිත රටක් බවට තහවුරු කරමින් ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ලකර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව වාර්තා වූ සැනින් උතුරු ජපානය සිය ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසට බලධාරීන් කටයුතු කර ඇති අතර දුම්රිය සේවාවන් ද තාවකාලිකව නවතා ඇත.
උතුරු කොරියාව මෙසේ ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කිරීමට කටයුතු කර ඇත්තේ වසර 05කට අනතුරුව බව සඳහන් වේ.
මෙම මිසයිලය ජපානයට ඉහළින් ගමන් කර පැසිෆික් සාගරයට වැටී ඇති අතර එහි දුර කිලෝ මීටර් 4,600ක් පමණ බව සඳහන් වේ.















































