සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් යන දෙදෙනා තවත් පිරිසක් සමග 26දා රාත්‍රියේ මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානයේ චෛත්‍යය ඉදිකෙරෙන ස්ථානයට ගොස් එහි ආරක්ෂාවට සිටින පොලිසියේ හා යුද හමුදාවේ පිරිස සමග බහින්බස් වී ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරුන් දෙදෙනා එහි සිටි පිරිසට තර්ජනය කරමින් ඉදිකිරීම් වහාම නතර කරන ලෙස දන්වමින් චෛත්‍යය ඉදිකිරීම නීති විරෝධී ක්‍රියාවක් බව ද ප්‍රකාශ කොට ඇත.
දෙමළ දේශපාලන පක්ෂ විසින් මුලතිව් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදී යළි එම ස්ථානයේ නව ඉදිකිරීම් නොකරන ලෙස අධිකරණය නියෝගයක් ලබා දී තිබියදී කුරුඳුමලේ චෛත්‍යය ඉදිකිරීම නීතියට පටහැනි බව ඔවුන් ප්‍රකාශ කොට තිබේ.
මන්ත්‍රීවරුන් දෙදෙනා සමග පැමිණි කැමරාකරුවන් කීප දෙනකු මාධ්‍යවේදීන් ලෙස හඳුන්වා දී ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් රැඳී සිටින බැරැක්කවලට සහ මුළුතැන්ගෙයට පවා ගොස් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන තිබේ.
නමුත් ඔවුන් මාධ්‍යවේදීන් නොව මන්ත්‍රීවරුන්ගේ කාර්යාලවල සේවය කරන පිරිසක් බවට තොරතුරු හෙළි වී තිබේ. මේ පිරිස කුරුඳුමලේ චෛත්‍යය වටා ඇවිදිමින් සියලු දෙනාටම බැණ වැදෙමින් පැයක් පමණ රැඳී සිට ආපසු ගොස් තිබේ.
දිනසේන රතුගමගේ
– divaina














































