අද (09) රජයට එරෙහිව කොලඹ පැවැත්වෙන උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගීව සිටි. මේ පිරිස තුල විශාල වශයෙන්ම තරුණ පිරිස් සිටින බව දැක ගන්නට හැකිය. එසේම සියළු ජාතීන් එක්ව සිටී.
සියලුම උද්ඝෝෂකයන්ගේ පාහේ ශ්‍රී ලංකා ජාතික කොඩිය අත දරා සිටී. පොලිසිය හෝ යුධ හමුදාව යම් අයුරකින් පහර දීමක් සිදුකලහොත් එය ජාත්‍යන්තර යුධ නීතිය යටතේ වරදකි. තමන්ගේ රට නියෝජනය කරන ජාතික කොඩිය අත දරන්නෙකුට කිසිදු අකාරයකින් පහර දීම තහනම්ය. එබැවින් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉතාම පරෙස්සමින් තම රාජකාරිය කල යුතුව තිබේ.
කුමන අයුරකින් හෝ ජල ප්‍රහාරයක් හෝ කදුළු ගෑස් හෝ වෙනත් අයුරකින් මිරිහානේදී සිදු වුවා සේ යම් පහරදීමක් සිදු වුවහොත් ත්‍රිවිධ හමුදාපතිවරුන්ටද, පොලිස්පතිටද ජනාධිපතිවරයාටද ජාත්‍යන්තර වශයෙන් විසදා ගැනීමට නොහැකි තරම් ගැටළු වලට මුහුණ දීමට සිදුවනු ඇත.
එබැවින් මේ සියලුම දෙනා ජනතාව දෙස මෙන්ම ආරක්ෂක හමුදාවන් දෙස මෙන්ම ජනාධිපති දෙසද වගකීම් සහගතව බැලිය යුතුය.
ශ්‍රී නිශ්ශංක මායාදුන්න
සජීවීව මෙතනින් බලන්න














































