එකම රටක එකම ජාතියක් ලොව එකම වෙලාවට වැඩකරන ශ්‍රී ලාංකික වැසියන් ලෙස අපද මෙම මහා මංගල්ලයේ චාරිත්‍ර සදහා එක්වන බැවින් අද (14) දින පෙරවරු 08.35 සිට පුණ්‍ය කාලය යෙදෙන එම මොහොත අර්ථවත්ව හා චාරිත්‍ර වලට ගරු කරමින් සැමරීමට කටයුතු යොදා ඇති බැවින්, චාරිත්‍රානුකූලව ගනුදෙනු කොට වැඩ ඇල්ලීමේ වේලාව දක්වා පුවත් පළ නොකිරීමට තීරණය කරණ ලදී.
එනමුත් එම කාලය තුල මහජනතාවට වැදගත් පණිවිඩයක් අපවෙත ලැබුනහොත් පමණක් එය පලකිරීමට කටයුතු කරමි.
කෙසේ නමුත් එම කාලය තුල අපට ලැබෙන සියලු පුවත් ඉහත සදහන් වේලාවෙන් පසුව අපසමග සිටින ඔබ සැම වෙනුවෙන් දිගින් දිගටම ගෙන ඒමට කටයුතු සුදානම් කර ඇති බව කාරුණිකව දන්වා සිටිමි.
ඒඅනුව අපසමග එක්ව සිටින සියලු දෙනාටත් අප අරාධනා කර සිටිනේ පුණ්‍ය කාලය අර්ථවත්ව හා චාරිත්‍රානුකූලව සමරනලෙස.














































