ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් එක රටක් – එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ සිය අදහස් දැක්වීමක් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ආදිවාසි නායකයා විසින් මෙලෙස අදහස් දක්වා ඇත්තේ ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් මේ වන විට මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සිදුකරන බව අතරතුර වන අතර එහි දී ආදිවාසී නායකයා විසින් සිය ජන කොට්ඨාසය වෙනුවෙන් යෝජනා ද ඉදිරිපත් කර ඇත.
















































