කොරෝනා වසංගතය හේතුවෙන් 2019 සහ 2021අතර කාලය තුළ ලෝකයේ ළමයින් මිලියන 67කට පමණ සාමාන්‍ය එන්නත් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් මග හැරී ඇති බවට වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය යුනිසෙෆ් නිකුත් කළ නවතම වාර්තාවක් උපුටා දක්වමින් මේ බව සදහන් කර ඇති අතර එන්නත් මගහැරුණු ළමුන් මිලියන 67න් මිලියන 48කට සාමාන්‍ය එන්නත් සම්පූර්ණයෙන්ම මගහැරී ඇති බවට එම වාර්තාවේ දැක්වේ.