බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහ රැජිනට කොවිඩ් ආසාදිනය වී ඇති බවට අද (20) බකිංහැම් මාළිගය නිවේදනය කරන ලදී.
එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ මේ වන විට 95 වන වියෙහි පසුවන රැජින සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඉදිරි සතිවල ඇය සිය නිල නිවස වන වින්ඩ්සර් මාළිගයේම රැඳී සිටිමින් විවේක සුවයෙන් පසුවනු ඇති බවත් ය.
මීට ඉහත දී දෙවන එළිසබෙත් රැජිනගේ වැඩිමහල් පුත් බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට සහ බිරිඳ කැමිලා පාකර්ට ද කොවිඩ් ආසාදනය විය.















































