රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේදී හෝ වෙනස් කිරීමේදී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කරනු ලැබ තිබේ.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේදී හෝ වෙනස් කිරීමේදී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කරනු ලැබ තිබේ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කරති.
කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න පත් කර ඇත.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය නම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව නාම යෝජනා ඉහත කමිටුවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය කර තිබෙන බව සඳහන් වේ.
පූර්ව එකඟතාවකින් තොරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට විටින් විට ජනාධිපතිවරයා වෙත කෙරෙන ලිඛිත ඉල්ලීම් සහ ඇතැම් අවිධිමත් පත්කිරීම් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම කමිටුව පත් කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව ජනාධිපති ලේකම්ගේ අත්සනින් යුතුව සියලු ම අමාත්‍යංශ ලේකම්වරුන්ට ඍජුව ලිපියක් යොමු කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයට පිටපත් යොමු කර තිබේ.
මේ අතර පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය යටතේ ක්‍රියාත්මක වන GSMB Technical Services (Pvt) Ltd හි ප්‍රධාන විධායක තනතුර සඳහා නම් දෙකක් යෝජනා කර තිබෙන බව ලංකා සර වාර්තා කර තිබේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම ලිඛිතව පරිසර විෂය භාර අමාත්‍යවරයා වන නසීර් අහමඩ් මහතා වෙත පාර්ලිමේන්තු ලිපි ශීර්ෂය යටතේ ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
අදාළ ඉල්ලීම් ලිපිය අගෝස්‌තු මස 06 වනදා නාමල් රාජපක්ෂ මහතා විසින් පරිසර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එම තනතුර සඳහා නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ නම් අතුරින් එම්. එච්. ඩී. පී. කරුණාරත්න මහතා පත්කර ඇත.
කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුව නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වේද යන්න ජනතාව විමසිල්ලෙන් පසුවන කරුණක් බව අවධාරණය කළ යුතුය. අවිධිමත් පත් කිරීම් හේතුවෙන් සිදුවන විවිධ ගැටලු සහගත තත්ත්වයන් පාලනය මෙම කමිටුව පත් කිරීමේ අරමුණ වී ඇත.















































