රට තුළ පවතින තත්ත්වය අනුව එළඹෙන උත්සව සමයේ දී රට ලොක්ඩවුන් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මේ මොහොතේ පුරෝකථනය කළ නොහැකි බවයි වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා ප්‍රකාශ කරයි.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා අද (12) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් දක්වා ඇත.
ඔහු එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ නව කොවිඩ් ප්‍රභේද පැමිණිය ද නිසි ලෙස මුව ආවරණ පැළඳ සිටියහොත් ඉන් අපට ආරක්ෂා විය හැකි බවයි.