නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ,කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ (E 01) පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස 2021 නොවැම්බර් මස 14 වන ඉරිදා දිනයේ උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී ඇත.
ඒ අනුව ගමනාගමන කටයුතු සදහා එදිනට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඉල්ලීමක් කර ඇති අතර විකල්ප මාර්ග වශයෙන් කොළඹ – නුවර මාර්ගය ,කොළඹ – මීගමුව මාර්ගය භාවිත කරන ලෙස ද දැනුවත් කර ඇත.















































